අ පො ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 දින දක්වා විසන්ධි කිරීමකින් තොරව විදුලිය ලබාදීමට එකගතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අද (25) දින සිට බවයි වාර්තාවන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ මානවහිමිකම් කොමිසන් සභාව, මහජන උපයෝගිතා කොමිසන් සභාව හා කනිජතෙල් නීතිගත සංස්ථාව යන ආයතනයන්ගේ සාකච්චාවකින් පසුව පැමිණි එකගතාවයක් අනුව බවයි වාර්තා වන්නේ.