පෙම්වතියක් නොලඳ ඔහු බැදී යදමින් මිදුනේය.

නේක රන් රන් රිදී නූලෙන් හැඩවූ පට සේල දරමින් දළදාව හිසින් ගෙන් වීදී සැරූ ඒ ඇත් රජුගේ සිරුරයි මේ

මහ මග දිගේ මිනිසුන්ගෙන් වන්දනා ලැබූ, සිය දහස් ගණන් මිනිසුන් ඔහුගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් වරු ගණන් කල් බැලූ, රසමසවුලින් සතපන්නට වැර දැරූ ඒ ඇත් රජුගේ සිරුරයි මේ

රාජ රාජ මහ මැතිඳුන් මෙන් අවි දැරූ ආරක්ෂකයින්ට මැදිව ගමන් ගිය, සධාතුක කරඬුව දරමින් උඩුවියන් පාවඩ මතින් දෑලේ දළ ඇතුන් පිරිවරා තේජාන්විතව සෙංකඩගල විදී පුරා තම පියසටහන් තැබූ ඒ ඇත් රජුගේ සිරුරයි මේ

 රටක් ලෝකයක් සැනසූ, දළදා සමිඳුන් හිසින් දරණ මොහොතේ මනා වගකීම් සහිත සතිමත් වූ හැටහත් වියැති මහළු දළ ගිජිඳෙකු අවසන් හුස්ම හෙළූ පසු සිරුර වැහෙන්නට ප්‍රමාණවත් දළ කඩක් සපයන්නට අසීරූ වූ අයුරු නරඹමි.

රටක් සාධුකාර දී  බලා සිටි බෝසත් ඇත් රජෙක් අද අලුයම අවසන් හුස්ම හෙළද්දී ඔහුගේ නවාතැන් පොලේ අරුමය දකිමි. කුමන තනිකමක් අපහසුවක් එතැන වූ දැයි සිතමි.

නුඹ විලංගු වලින් මිදුනේය යැයි සිතමි

වසරකට වරක් කම්මුල් තෙමෙද්දී ප්‍රියාදර පෙම්බරියකගේ ළබැඳි පහසක් නොලබා ප්‍රේමයක් නොලබා ගතකළ කාලය නුඹ කෙසේ ගෙවන්නට ඇද්දැයි සිතමි. මියයන මොහොතේත් කොපුල් තෙමෙන කාලය ගෙවමින් සිටියේ යැයි කියති

මිනිස්සු ආදරය කරන්නේ ප්‍රසිද්ධියට බව කීමට මම සැහැසි නොවෙමි. එහෙත් ප්‍රසිද්ධ මිනිස්සු ඇතු ප්‍රසිද්ධ වේදිකාවේ සිටිද්දී විල්ලුද රනින් රිදියෙන් සරසන්නට පොරකෑ අන්දම කුමන විසුලු නාටකයක්ද සිතෙන්නේ මේ සිරුර වැටී ඇති තැන දුටු විටය.

මහී මාතාවනි මේ පුතුගෙ නග්න සිරුර නුඹ ස්පර්ශ කර ඇත.

කුමන නැටුම් කෙළි කවර සිනා පෑවද ඔබ හැර වෙන කිසිවකු අපව නිර්මලව වැළඳ ගන්නේ නැති බව දනිමි.

 

වැළඳ ගනු මැනවි ඉතා ආදරයෙන් ලෙන්ගතුව කිසිවෙකුට ඔහුගේ සිරුර හම ගසන්නට ඉඩ නොදී.

මේ ඔබේ පුතුය , ලොවුතුරා බුදුන්ගේ දන්තධාතුව වැඩමවූ,

මේ ඔබේ පුතුය, අහිංසක බෝසත් ගුණෙන් යුතුවූ

සදහටම  සැතැපුම් සියගණනින් පා ගමනින් ගොස් කෙඳිරියකුදු නොනගා සියලු දුක් ඉවසා දළදා හිස දරා අපට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවූ

ඒ පුතු අවසන් මොහොතේ ඔබ මත වැටී සිටින අයුරු හදකම්පා කරයි මෑණියනි.

රැඳවා ගනු මැනවි ඔබවෙත.

ඔහු දුක් අවසන් කර පැමිණ සිටී. ඒ පිරිසිදු ජීවිතය බාරගනු මැනවි

උපුටා ගැනීම එෂාමා කාරියකරවනගේ මුහුණු පොතින්

පුවත

දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ රාජා මියගොස් තිබේ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා අද මියගොස් ඇත්තේ,

අද අලුයම් කාලයේදී ය.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරවයට පාත්‍රවෙමිනි.

නැඳුන්ගමුවේ රාජා, මෙරටට ලැබුණේ, ඉන්දියාවෙන් ලද පරිත්‍යාගක් ලෙසයි.

Exit mobile version