පෙම් හබය පිහි ඇණුමකින් කෙළවර වෙයි.

සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.


පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසු වූ තරුණයා ප්‍රතිකාර සඳහා වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

තරුණිය මෙම සැකකරු  සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීමෙන් පසු පහර කෑමට ලක් වූ තරුණයා සමග අලුතින් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.

Exit mobile version