ඊයේ (30) දිනයේ යාපනය පේදුරු තුඩුව මුහුදු සීමාවේ දී ටොනෑඩෝ සුළි කුණාටුවක් හටගෙන තිබෙණ බව වාර්තා වේ.
මේ බව එහි සිටි ධීවරයින් පිරිසක් සඳහන් කළ අතර මින් ධීවරයෙකුට හෝ කිසිවෙකුට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.
විනාඩි 30කට ආසන්න කාලයක් පේදුරුතුඩුව මුහුදු සීමාවේ ඇති වූ මෙම ටොනේඩෝ තත්ත්වය පැවති අතර එහිදී ඇති වූ සුළිසුළං තත්ත්වය හේතුවෙන් විශාල ජල කඳක් ගුවනට රැගෙන ගිය අයුරු දැක ගැනීමේ හැකියාව ඇති වූ බව එම දරුශනය දුටුවන් සඳහන් කරයි.
පේදුරුතුඩුව ධීවරයින් සඳහන් කළේ මේ දිනවල පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙසේ ටොනේඩෝ තත්ත්වය මුහුදු සීමාවේ දී ඇතිවන්නට ඇති බවයි.