පේරාදෙණියේ පස්කන්දකට යටවීමෙන් හිමිනමක් අපවත් වේ.

පේරාදෙණියේ දඩුවාව පුරාණ රජමහා විහාරයේ හිමි නමක් පස් කන්දකට යට වී අපවත් වී ඇති බව වාර්තා වේ.

මෙම හිමිනම පස්කන්ද කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කරමින් සිටියදී අපවත් වූ බවයි රෝහල්  ආරංචි මාර්ග සදහන් කරන්නේ.

වයස අවුරුදු 18 ක වන මෙම හිමිනම එම ව්හාරයේ මළුවේ සිට පුජාවක් පවත්වමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ.

 පේරාදෙණිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර හිමිනමගේ දේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.

Exit mobile version