පේරාදෙණියේ, හෙල්මට් නැතිව රඟන සිසුන්. පේරාදෙණිය පොලිසිය නිදිද?

මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් ඉලක්කරගෙන රට පුරා දැවැන්ත අප්‍රසන්නභාවයක් ඇති කර තිබේ. රටට ජාතික තරුණ ප්‍රතිපත්තියක් වෙනුවට, දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය සදහා අවශ්‍ය නීතිවිරෝදී ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රතිපලයක් ලෙස තරුණ නැගී සිටීම් සිදුවන බව ශ්‍රී ලංකාවේ පාලකයන්, විපක්ෂයන් මෙන්ම විධායක පන්තියේ නිලධාරීන්ද තවමත් ඉගෙන ගෙන නැත. ඉගෙන ගන්නට අවශ්‍ය දැනුම ශ්‍රී ලංකාවේද නැත .

එවන් පසුබිමක් තුල නොහොත් පවතින නීතියවත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන ශ්‍රී ලංකාවේ පාලකයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පවා කටයුතු කරනුයේ ගෝත්‍රික අකාරයෙන් බව මනාව පෙන් වූ අවස්ථා තිබේ. ඉන් අප දුටු අප්‍රසන්නම දේ වුයේ මිරිස් කුඩු පවා පාර්ලිමේන්තුවට රැගෙන යාමයි. එම පාලකයන් රටට දුන් ආදර්ශය නීතියක් නැති ගෝත්‍රික ආකල්ප සේ ජීවත් වන ලෙස වන මග පෙන්වීමකි.

එම පසුබිම දැන් ලංකාවට උදා වී තිබේ. මහත් ආන්දෝලනයට ලක් වූ පේරාදෙණියේ සිසුන්ගේ තවත් ක්‍රියාකලාපයන් මෙම වීඩියෝව තුලින් ඔබට දැක ගත හැකිය. අපගේ රථය පැයක් තුල ගලහ හන්දියේ, හිඳගල, පේරාදෙණිය අඟුනාවල ආදී ප්‍රදේශ   තුල ඔබ මොබ සැරි සරද්දී අපගේ කැමරා කාචයට හසු වූයේ හෙල්මට් නැතිව මහා මග සැරිසරන පේරාදෙණිය සරසවියේ සිසුන්ය.

වරද කාගේද?. මේ සිසුන්ගේද?. නැත. වරද රටට හිතැති පරපුරක් බිහි කිරීමට නොදත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ නූගත් දේශපාලන අධිකාරියේය. එසේම වර්තමානය තුල පවා මෙසේ හැසිරෙන්නේ පේරාදෙණියේ පොලිස් ස්ථානාධිපතිගේ නොහැකියාව මතය. ඔහු තම කොටස නිවැරදිව කලේ නම්, අපට මෙසේ දක්නට නොලැබෙනු ඇත.  එසේම මේ ආකාරයෙන් තරුණ පරපුරට අමානුෂික ලෙස බැනුම් අසන්නට වන්නේද නැත. ඉහල සිට පහලට නීතිය අකුරට නොකෙරෙන රටක පේරාදෙණිය පොලීසිය හෙට සිට මේ තරුණයන් අල්ලා නඩු පවරනු ඇත. එහෙත් විය යුත්තේ ඔවුන්ට හැදෙන්නට අවස්තාවක්, දෙකක්, තුනක් දීමය. එසේ නොකර අත යට අල්ලස් ගනිමින් හැදෙන්නට අවස්ථා දීමෙන්ද පලක් නොවනු ඇත. මේ දර්ශනයන් දවසේ ඕනෑම වෙලාවක දැකිය හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

Exit mobile version