පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන් වූ අංජන කුලතුංග (23) නැමැති සිසුවා ගේ මළ සිරුර මහවැලි ගඟේ හක්ඉඳ දූපත් සමූහය ආසන්නයේ රැඳී තිබියදී අද (21) පස්වරුවේ සොයා ගෙන තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය 16 වැනිදා සිට මෙම සිසුවා අතුරුදන්ව ඇති අතර ඒ පිලිබදව ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.
දෙමාපියන් දින ගනනාවක් තිස්සේ ඇමතුම් ලබාගෙන තිබෙන නමුත් ප්‍රතිචාර නොමැති වීම නිසා ඒ පිළිබඳව නවාතැන් පොළේ හිමිකරුට දැනුම් දී තිබුණි. සිසුවා නවාතැන් ගෙන සිටි කාමරය පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී ලිපියක් ද කෙටි සටහනක් ද පොලීසිය භාරයට ගෙන තිබෙන බවද වාර්තා වේ.
එසේම අදාළ නවාතැන් පොළේ ඔහු තනිවම නවාතැන් ගෙන සිටි බවත් අවස්ථා කිහිපයකදී මනෝ උපදේශක වරයෙක් ගෙන් උපදෙස් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වන බවද වාර්තා වේ.