දින 10ක් අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා යළි සරසවිය වෙත පැමිණ ඇත.
ඊයේ (12) දිනයේ මෙම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වී ඇති බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ප්‍රකාශ කළේ.
මෙම සිසුවා කඩවත ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අතර පසුගිය 03 වනදා මොහු අතුරුදන්ව ඇති බවට වාර්තා පළ විය.
මෙම සිසුවා ඉංජිනේරු පීඨයේ තුනවන වසරේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිසුවෙක් බව සඳහන් වේ.