පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරමින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සඳහන් කර ඇත්තේ සංචරණ සීමා කාලය තුළ රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදේසවලට අනුගතව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා විසින් ලිඛිත ඉල්ලීමක් පොලිස්පතිවරයාගෙන් සිදු කර ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා මෙය නිර්දේශකර ඇති බවයි.

දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් නැතිව මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ දරුවන්ට අධ්‍යාපනයේ නියැලීමට නොහැකි වී ඇති බවත් මෙලෙස පොත්හල් වසාතැබීම හේතුවෙන් දඑරුවන්ගේ අධ්‍යාපනයට අහිතකර බලපෑම් එල්ලවී ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version