අද මෙසේ ගිනි තබා තිබෙන්නේ රනිල්ගෙන් පසුව අනාගත පරපුර වෙනුවෙන් ඉතිහාසයට එකතු වීමට තිබු දායාදයකි. එහි තබා තිබූ වටිනා ග්රන්ථ 50000 කට වැඩි ප්‍රමානයකුත් අනාගත පරපුර වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට එකට තෑගි ලෙස ලියා තිබූ දේපළකි.
අරගලකරුවන් පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට සාමකාමිව උද්ඝෝෂණය කරමින් සිටියදී මෙම තත්වය ඇතිව තිබිණි. මාධ්‍යවේදීන්ට පහර දීමත් සමගම සිදු වූ මෙම සිද්ධිය සමගම සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිනෙන විට ආරක්ෂක අංශ එම ස්ථානයෙන් පලා යයි. එසේ පලා යාමට කිසිදු හේතුවක් ඔවුනට තිබුණේ නැත.
අරගලයට එකතුව සිටින සාමාන්‍ය ජනතාව එම ස්ථානයට පැමිණීමත් සමගම ආරක්ෂක අංශ පලා ගියේ ඇයි. ඔවුන් වැටවල් උඩින් පැන දුවන්නේ මෙම නිවසට ගිනි තබාද?. වීඩියෝවට අනුව බොහෝ දේ සිතිය යුතුය. මෙය සැලසුමක්ද?