පොදුජන පෙරමුණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණූවාද?. අර්බුධයට පොදුජන පෙරමුණම වගකිව යුතුද?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අර්බුදයක් ඇතිකරමින් කඩිනමින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකළාද යන්න සම්බන්ධයෙන් එම සංස්ථාවේ වෘත්තිකයන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

ඔවුන් ඒ සඳහා ප්‍රධානතම හේතු සාධක ලෙස ගෙනහැර දක්වන්නේ, 2019 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ප්‍රථම වශයෙන් හම්බන්තොට වරායේ බංකරින් සේවාව බලපත්‍රයක් මගින් සයිනොපැක් ආයතනයට ලබාදීම මගින් මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමයි.

පසුව 2020 වර්ෂයේ ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීමකට අනුව එවකට පොදුජන පෙරමුණු වෘත්තිය සමිතියේ ප්‍රධාන නිළයක් හෙබවූ සුමිත් විජේසිංහ සංස්ථාවේ සභාපතිත්වය දරද්දීම, ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට පවරාදීමේ south asian petrolliom hub වශයෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි.

එහිදී ගම්මන්පිල හිටපු ඇමතිතුවරයාගේ උපදේශකත්වයෙන් අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අනුමත කරගෙන ඛනිජ තෙල් පනත සංශෝධනය කර, ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණයේ ඉන්දියානු ඔයිල් සමාගම ව්‍යාපාර කරන ටැංකි සංකීරණයට අමතරව තවත් ටැංකි විශාල සංඛ්‍යාවක් තක්සේරු වටිනාකමක් ලබා නොගෙනම ඔවුන්ට ලබාදීමට කටයුතු කිරීම තුළින් මුලින්ම මේ බව පිළිබිඹු වූ වෘත්තිකයෝ පෙන්වාදෙති.

සුමිත් විජේසිංහ සේම බන්දුල සමන් කුමාරද පොදුජන පෙරමුණ වෘත්තිය සමිති ජලයේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමීති ව්‍යාපාරයේ සභාපතිවරයා වන අතර, ඔහු ඇතුළු ක්‍රියාකාරී වෘත්තීය සමීති නායකයන් මේ පිළිබඳව මුනිවත රැකි බව තෙල් සංස්ථාවේ වෘත්තිකයෝ සඳහන් කරති.

එසේම 2022 වසරේ තෙල් අර්බුදය ඇතිවෙන අවස්ථාවේ ඛනිජ තෙල් ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ ඇමතිවරයා, සභාපති සුමිත් විජේසිංහ, බන්දුල සමන් කුමාර තිදෙනාම පොදු ජන පෙරමුණ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨතම නායකයින්ය.

කෙසේවෙතත් ඔවුන් දීර්ඝ වශයෙන් පවසා සිටියේ, සිනොපැක් සමාගම සඳහා වැඩිම ඉන්ධන අලෙවියක් ඇති ඉන්ධනහල් 15ක් පමණ ලබාදීම සිදුවූයේද රාජපක්ෂවරුන්ගේ බලවත් ඉල්ලීම මත බවත්, ඒ සඳහා පිඹුරුපත් සකස් කළේ 2012 /2015 මහින්ද රාජපක්ෂ පාලනයේ සහ 2022 වසරේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාව කටයුතු කළ සුසන්ත සිල්වා බවත්ය.

මෙම සුසන්ත සිල්වා, සිපෙට්කෝ ඉන්ධනහල් 150ක් මෑතකදී බදුගත් RM park සමාගමේ ඉහළ තනතුරක් හොබවනු ලබයි.

united petrolium සමාගමටත් ඉන්ධනහල් ලබාදීමේ ක්‍රියාවලියේ පුරෝගාමීව කටයුතු කළ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ප්‍රභාත් සමරසිංහ united petrolium සමාගමේ විධායක අධ්‍යක්ෂ තනතුරකට පත්වීමත් සමග මෙම සමාගම්වල ඉහළම තනතුරු ලබාගැනීම තුළින් විනිවිදභාවයකින් තොරව තෙල් සංස්ථාව පෞද්ගලිකකරණයට ලක්කිරීම සිදු කිරීමට මොවුන් කටයුතු කළ බව මනාවට ඔවුන් විසින්ම ඔප්පු කර ඇති බව වෘත්තිකයෝ පෙන්වාදෙති.

මෙම පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලිය අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් කීපයකම සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ වර්තමාන ඛනිජතෙල් පොදුජන පෙරමුණු වෘත්තිය සමීපයේ සභාපති බන්දුල සමන් කුමාර ද අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කර ඇති බවත්, 2022 වසරේ ඉන්ධන හල් පෞද්ගලික අංශයට ලබාදීමේ ටෙන්ඩර් කැඳවන අවස්ථාවේදීද තෙල් සංස්ථාවේත් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහුද කටයුතු කළ බවත්, ඔහු මේ පිළිබඳව නොදන්නා සේ කටයුතු කර, පසුව සියල්ල සිදුවී අවසානයේ උපවාසයක් ආරම්භ කරමින් රංගනයක නිරත වූ බවත් ඔවුහු සඳහන් කරති.

මේ වන විට RM park සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන්නේ රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකු වන සුසන්ත ද සිල්වා වන අතර united petrolium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ප්‍රභාත් සමරසිංහ වේ.

මොවුන් දෙදෙනාම මෙම ඉන්ධනහල් බෙදාදීමේදී සංස්ථාවේ අධ්‍යක්ෂ මන්ඩලයේ සමාජිකයන්වීම විශාල ගැටලුවක්ව පවතී. (Ceylonwire)

Exit mobile version