අද (23) පස්වරු 04.30ට පමණ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන හවුල්කාර පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ටෙන්ඩර් පටිපාටියකින් තොරව කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙලෙස රැස්වන බවයි වාර්තා වන්නේ.