පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ පැරා කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ පාලිත බණ්ඩාරට හැකියාව ලැබිණ.
මේ අනුව ඔහු සිය ජයග්‍රහණය ද රැගෙන ඊයේ (08) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු පිළිබගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ උත්සවයක් ද සංවිධානය කර ඇත.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක, ජාතිකක පැරා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් බන්දු බණ්ඩාර සහ ඔහුගේ මව,බිරිඳ සහ දරුවන් ද එක් වූ බව වාර්තා වේ.
මෙහිදී අදහස් දැක්වූ පාලිත බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ 2022 වර්ෂයේ බපැරිස් නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් තරඟාවලියෙන් රන් පදක්කමක් මෙරටට රැගෙන ඒම ඔහුගේ අරමුණ බවයි.