පොදු දේපල හානි කළා යයි මා මාස 4 ක් බන්ධනාගාරයට යැවූ පොලිසිය ඊයේ පාරවල් කැඩුවට නීතියක් නැද්ද? – මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්.

පොදු දේපලවලට හානි සිදුකල බවට, අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා මීට මාස කිහිපයකට පෙර අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ලදී.

ඊයේ පිටකොටුවේ සිට ගාලු මුවදොර පිටිය දක්වා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් පැවැත්වීමට තිබු පා ගමන වැළැක්වීම සදහා පොලිසිය මාර්ග බාධක යොදමින්, මාර්ගය කඩා දමමින් ස්ථීර මාර්ග බාධක යොදා තිබුණි. ඊට අමතරව විශ්වවිද්‍යාල තරුණයන්ට තුවාල වන බව දනිමින්ම චේතනන්විතවම මාර්ග බාධකවලට උල් කටු සවි කර ඒවා වසා දමා තිබුණි.

මේ සියල්ලටම එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කල අතර, එහිදී මාද්‍යට අදහස් දක්වමින් ඉහත කරුණු ප්‍රකාශ කරන ලදී.

අප ඊයේ මේ බව වාර්තාකරමින් පොලිසියට එසේ කිරීමට නීතිමය බලයක් නැති බවද, මාර්ග කඩා බිද දැමීමට එරෙහිව එසේ සිදුකල පුද්ගලයනට සහ අණ දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු සිදුකල යුතු බවද සදහන් කරන ලදී.

https://studio.youtube.com/video/Y7vAfok5tmc/edit
https://www.ravanalankanews.lk/1611/08/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%af%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82/05/14/
https://www.ravanalankanews.lk/1619/08/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad/45/17/
https://www.ravanalankanews.lk/5721/11/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%a7-%e0%b6%87%e0%b6%b4/10/13/

Exit mobile version