පොන්නාලේ නාවික සෙබළුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ විමර්ශනයක්.

යාපනය වඩුක්කෝට්ටේ පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගිය අවස්ථාවේ නාවික හමුදා සෙබළුන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නාවික හමුදාව තීරණය කර ඇති බවට නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එහිදී අදාළ නාවික හමුදා සෙබළුන් වැරදිකරුවන් වුවහොත් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දියේ පිහිටි නාවික හමුදා මුරපොළ අසලදී කිසියම් පිරිසක් අඹුසැමි යුවළකට අමානුෂික අයුරින් පහරදී පැහැරගැනීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 11 වනදාය.

එලෙස පැහැරගැනීමෙන් පසුව පිරිමි පුද්ගලයා කපා කොටා ඝාතනය කර තිබුණි.

එදින පැහැරගැනීමේ සිදුවීම නාවික හමුදා මුරපොළ අසල CCTV කැමරාවකද සටහන්ව තිබූ බව වාර්තා වේ.

Exit mobile version