බණ්ඩාරවල පොරවගල ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයේ අද (12 ) විශාල ගින්නක් පැතිරීමෙන් පවතින බවට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබේ.
මෙම ගින්න නිවීම සඳහා යුද හමුදා බට පිරිස් කැඳවා ඇති බවද එම මධ්‍යස්ථානය පවසා තිබේ.
බණ්ඩාරවෙල නගරය ආසන්න ප්‍රදේශයක මෙම පොරවගල ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානය පිහිටා තිබේ. රථ වාහන පිවිසීම අපහසු ස්ථානයක ඇති බැවින් ගිනි නිවන රථ මෙම ස්ථානයට ගමන් කිරීමට නොහැකි බවද එම මධ්‍යස්ථානය පවසා තිබේ.
ගින්න කඩිනමින් මැඩ පැවැත්වීම සඳහා ප්‍රදේශවාසී සහාය අපේක්ෂා කරන බවටද ආපදා සහන සේවකයෝ පවසති.