පොල්හේන මුහුදු තීරයේ ජලය වෙනස් වෙයි.

පොල්හේන මුහුදු තීරය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී ආකර්ෂණයක් දිනාගත් ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා අලංකාර මුහුදු තීරයකි.

මෙම මාතර පොල්හේත මුහුදු තීරය ඊයේ (26) දිනයේ සිට ජලය කොළ පැහැයට හැරී ඇති බව වාර්තා වී ඇත.

මෙම වෙරළ තීරයේ පිහිටි කොරල්පරය හේතුවෙන් නොගැඹුරු ජලයෙන් හා කුඩා වැලි තලාවකින් යුත් මෙම වෙරළ තීරය දිය නෑමට වඩාත් සුදුසු වෙරළක් වශයෙන් සංචාරකයින් අතර ප්‍රචලිතව පවතියි.

කෙසේ නමුත් මුහුදු ජලයේ සිදුව ඇති මෙම වෙනස පිළිබඳව සොයා බැලීම සඳහා නාරා ආයතනයේ නිලධාරීන් ද වෙරළ තීරයට පැමිණ ඇති අතර ඔවුන් සඳහන් කළේ අසාමාන්‍ය ඇල්ගී වර්ධනයක් හේතුවෙන් මෙසේ මුහුදු ජලයේ වර්ණය වෙනස් වී ඇති බව යි.

එහි දී ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා සඳහන් කළේ මේ වන විට මුහුදු තීරයේ සාම්පල ලබාගෙන ඇති බවත්, මේ සඳහා බලපාන ලද සාධක පිළිබඳ පර්යේෂණ සිදුකරන බවත් ය.

Exit mobile version