පොල් පර්යේෂණ ආයතනය පවසන පරිදි පොල් වගාවට හානිදායක කෘමියෙක් මේ වනවිට පැතිරී යාමක් දක්නට ලැබෙන අතර එය මර්ධනයට ස්වභාවික මෙන්ම කෘතීම ක්‍රම යොදාගනිමින් වැඩසටහන ක්‍රියාත්මක වේ “ සුදු මැස්සා”යන නාමයෙන් මොහු හැදින්වේ.
පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අචාර්ය නයනි ආරච්චිගේ ප්‍රකාශ සදහන් කළේ මේ සදහා අවශ්‍ය යන්ත්‍ර ඕනෑම කෙනෙකුට එම ආයතනය මගින් ලබාගැනීමේ හැකියාව ඇති බවත් අදාළ ප්‍රදේශ වල ව්‍යාප්ත වීම අනුව භාවතා කරන කෘමිනාශක වෙනස්වන බවත් ය.
මේ වන විට සුදු මැස්සා , ගම්පහ,කොළඹ,කුරුණෑගල,කෑගල්ල,පුත්තලම,රත්නපුර මහනුවර,කළුතර යන ප්‍රදේශ වල දක්නට ලැබේ.