මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්රදේශයේ පොල් සොරකමේ ගිය පුද්ගලයකුට මුරකරු විසින් වෙඩි තබා ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයාගේ වයස අවුරුදු 32ක් බවත් කටාන පොලීසිය පවසා තිබේ.
වෙඩි වැදුණු පුද්ගලයා මේ වනවිට මීගමුව රෝහලේ ප්රතිකාර ලබන අතර, ඔහු එම ප්රදේශයේම පදිංචිකරුවෙක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.