දරුවන්ට පොලිතින් කැවීමට තරම් දූෂිත පුද්ගලයෙක් හොදයි කියන්න තරම් දෙමාපියන් දූෂණය වෙලා.
නීතිය සැමට පොදු විය යුතු අතර දරුවන් හැමෝම තමන්ගේ විය යුතුය.
කිසිම දරුවෙක්ට හින්සා නොකල යුතුය.
මෙසේ උද්ඝෝෂණය කලේ, විදුහල්පතිගේ හිතවත් කණ්ඩායමක්.
වැරදිකරුවන් බේරාගැනීම වෙනුවෙන් සහ තවත් දරුවන් අමාරුවේ දැමීමට දෙමාපියන් කටයුතු කිරීම නින්දා සහගත ක්‍රියාවක්.
පාසල් ළමුන් පිරිසකට පොලිතින් කවා, හින්සනයට ලක් කරන ලද නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා යලිත් පාසල වෙත ලබාදෙන ලෙස බල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (06) දින පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ .
උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට තාවකාලිකව ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර සිටින හිටපු විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියාකල බවත්, ඒ අනුව පාසලේ පරිසර පද්ධතිය රැක ගැනිම සදහා පාසලට පොලිතින් රැගෙන ඒම තහනම් කර තිබියදි එම සිසුන් පිරිස විසින් පොලිතින් වල ආහාර ඔතා රැගෙන විත් ඇති බවත්, ඒ සදහා විදුහල්පතිවරයා විසින් එම සිසුන්ට දඩුවමක් ලබා දි ඇති බවයි.
පාසලේ විනය සහ අධ්‍යාපන මට්ටම ඉහල දැමිමට එම විදුහල්පතිවරයා කටයුතු කල බවත්, මෙවර අපොස සාමාන්‍යපෙල විභාගයෙන්ද සිසුන් විශාල පිරිසක් ඉහල ප්‍රතිඵල ලබාගැනිමට සමත් වි ඇත්තේ හිටපු විදුහල්පතිවරයාගේ කැපවිම නිසා බවත් ඔවුන් සදහන් කර තිබේ.
එම පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධන ඉකුත් මස (21) දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබු පොලිතින් වල දිවා ආහාර රැගෙනවිත් ආහාර අනුභව කිරිමෙන් අනතුරුව යලිත් එම පොලිතින් නිවසට රැගෙන යාමට සිය බැගය තුල දමාගෙන සිටියදි විදුහල්පතිවරයා එම පොලිතින් රැගෙන සිසුන් හත්දෙනෙකුට එය අනුභව කරන ලෙසට කල නියෝගය මත සිසුන් හත්දෙනා ඔවුන් රැගෙන පැමිණ පොලිතින් අනුභව කිරිමෙන් අනතුරුව ඉන් ළමුන් පස්දෙනෙකු රෝගාතුර වි නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තේය.
රෝහල්ගත සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව සැකකාර ඇප මත මුදා හැරිමට නාවලපිටිය නියෝග කර තිබිණි.
මෙසේ දෙමාපියන් උද්ඝෝෂණය කරන ලද්දේ, නීතිවිරෝදී කටයුත්තක් කරන ලද පුද්ගලයෙකු බේරා ගැනීමටය. වැරදි වැඩ කරනා බොහෝ විදුහල්පතිවරු තමන් වෙනුවෙන් කතා කිරීමට දෙමාපියන් කණ්ඩායම් සකසාගෙන සිටී. එම විදුහල්පතිවරු සිදුකරනුයේ, තමන්ගේ බේරීම වෙනුවෙන් දෙමාපියන් අතර ආරවුල් ඇති කිරීමයි.
කෙසේ නමුත් මෙම විදුහල්පතිවරයා මෙම පාසලට නැවත ලබා දුනහොත්, එය තවත් ගැටලු ගණනාවක ආරම්භයකි. එසේම අදාල සිසුන්ටද ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ. එම දරුවන්ගේ ජීවිතවලටද දැඩි ලෙස තර්ජන ඇති වේ.