පොලිස්පතිගේ ලැයිස්තුවේ, හැටන් 14 න් 13 ක්ම අල්ල ලා

පොලිස්පතිතුමන්ගේ උදාර සංකල්පයක් මත ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ හැටන් පොලිස් කොට්ඨාශයේ විවිධ අපරාධවල සම්බන්ධ 14 දෙනකුගේ නම් ලැබුන අතර එයින් 13 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කල හැකි බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි.


හැටන් පොලිස් කොට්ඨාශයේ යුක්තිය මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරින්ට තැගි මුදල් ලබා දිමේ උත්සවයක් අමතමින් නිපුන දෙහිගම මහතා මේ බව පවසන ලදි.


මෙම තැගි ලබා දිම හැටන් පොලිස් ස්ථානයේදි පැවති අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පොලිස්පතිතුමන්ගේ යුක්තිය මෙහෙයුම ආරම්භ කර මසක් ගතවන මෙම අවස්ථාවේදි හැටන් කොට්ඨාශයේ පොලිස් ස්ථානවල නිලධාරින්ද එම මෙහෙයුමට උපරිම දායකත්වයක් ලබාදී තිබෙනවා එම නිලධාරින් දිරි ගැන්විම සදහා අද දින එම නිලධාරින්ට රුපියල් එක් ලක්ෂ දහාඅට දාහක මුදලක් තැගි මුදල් ලෙස ලබා දිම සිදු කරනවා.


පොලිස්පති තුමන් විසින් එවන ලද නාම ලේඛනවල මෙම කොට්ඨාශයේ වරෙන්තුකරුවන් 143ක් ඇගිලි සලකුනු මත අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් 09 දෙනකු සිටින අතර එම පිරිස්ද අත් අඩංගුවට ගැනිමට පියවර ගන්නවා.

Exit mobile version