පොලිස්පතිට සහ දේශබන්දුට නීතියෙන් දඩුවම් ලබා දීමට නිර්දේශ කරයි. ත්‍රිවිධ හමුදාවලටත් පාඩමක්.

පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර පිහිටි සාමකාමී අරගලයට පහරදීම පිලිබදව අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවට අප එදිනම් වාර්තා කරන ලදී. එසේම නීතිවේදීන් මෙන්ම ගරු අධිකරණය පවා එම පහරදීම් සම්බන්ධයෙන් වාර්තා කඩවන ලදී. දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට නොගැනීම පිලිබදව ප්‍රශ්න කර තිබුණි

එම ගාලු මුවදොර ගෝඨාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදු කළ විමර්ෂණයකින් අනතුරුව වින්දිතයන්ට පොලීසිය විසින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රී ලංකා පොලීසියට නිර්දේශ කර තිබෙනවා. ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  අද(26) නිවේදනය කරන ලදී. 

අදාළ නිවේදනය ඔස්සේ මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ  අදාළ දිනයේ සාමකාමී විරෝධතාවක නිරතවී සිටි විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කලයුතු  පොලිස්පතිවරයා තම රාජකාරිය කඩ කර ඇති බවයි. 

එසේම එදින කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරයේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එවක ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවෙන් අනතුරුව එම හමුවට සහභාගි වූ පොහොට්ටු පාක්ෂික‍යන් විසින් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමට පැමිණි අවස්ථාවේදී ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂාව පැනවීම සඳහා, බස්නාහිර පළාත භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහ විරෝධතා භූමියේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා සිටි සියලු ම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවද අදාළ නිවේදනය ඔස්සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කරනවා. 

තව ද මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නො වීම සඳහා පොලිස්පතිවරයාගේ රාජකාරි කඩකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරන බවද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරතිබේ.

මෙය ආරක්ෂක අංශවලට පාඩමක් වන අතර අප දිගින් දිගටම ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගැටළු ඇතිවන බව වාර්තා කර තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඒවාට ඉහලින් කියාත්මක වෙමින් ඔවුන්ට තනි තනිවම ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබේ. 

අප එම සිද්දීන් වරින් වර වාර්තාකර තිබු ආකාරය

https://www.ravanalankanews.lk/11831/05/%e0%b6%a2%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%87/43/08/
https://www.ravanalankanews.lk/11822/05/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b6%b1/08/17/
https://www.ravanalankanews.lk/11839/05/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/34/18/
https://www.ravanalankanews.lk/11852/05/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/40/08/
https://www.ravanalankanews.lk/11980/05/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a/38/14/
https://www.ravanalankanews.lk/12309/06/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%94-%e0%b6%ad%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%9a%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84/59/17/
https://www.ravanalankanews.lk/12037/05/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b6%8b%e0%b7%83%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/43/20/

https://www.ravanalankanews.lk/12483/06/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b6%b1/04/09/

https://www.ravanalankanews.lk/11608/05/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%9a%e0%b7%81/25/11/
Exit mobile version