පොලිස්පතිට හැංඟු ජාතික අපරාධකරුවෙක් වූ උඩවලව පොලිස් ස්ථානාධිපති. ගොරක දඩමස් කරන ඔහුගේ ක්‍රියාපටිපාටිය පහතින් – එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන් නිහඩයි.

උඩවලව පොලිස් ස්ථානාධිපතිගේ දූෂිත ක්‍රියාවන් ගනනාවක් අප සාක්ෂි සහිතවම අනාවරණය කල අතර බුදු දහම විනාශ කරමින්, ප්‍රදේශයේ ඉඩම්වලට හොර බදු ගිවිසුම් සකසා රජයේ ඉඩම් ගල්වලවල් සඳහා දී ඇති චීවරධාරියෙකු  සහ දේශපාලන බලවතුන් සමග එක්ව සිදුකල දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කිසිම ක්‍රියාවක් සිදුකර නැතිබවට අපට පෙනෙන්නට තිබේ.

සංඛපාල ගල්බෝක්කයායේ මහජන කැළඹීමක් ඇති කිරීම, පනහඩුව රන්මිණි කොත පැරණි වෙහෙරේ සන්නිවේදන කුළුණක් ඉදිකිරිම, නිධානයකින් ගත් මැණික් අධිකරණයට ඉදිරිපත් නොකිරීම (නිධානයේ මැණික් පිලිබඳව අවශ්‍ය සාක්ෂි එකතුකරමින් සිටින අතර තවමත් තහවුරු කරගෙන නැත. සහකාර පොලිස් අධිකාරිවරයකු සමග එම මැණික් බෙදාගෙන ඇති අතර සැක කරුවන් සමග මැණික් වෙනුවට පාෂාණ ඉදිරිපත් කර තිබේ). නීති විරෝදී කටයුතුවලට ඉඩ හැරීම, වැරදි වලට අනුබල දීම ආදී වැරදි රාශියක් සිදුකල නමුත් ඔහුට විරුද්ධව සාධාරණ විමර්ශනයක් සිදුකර නැති අතර සාධාරණ විමර්ශනයක් සිදුකලේ නම් මේ වනවිට ඔහු පොලිස් දෙපාර්තමේන්තුවෙන් නෙරපා හැරිය යුතුය.

ඔහුගේ නීතිවිරෝදී ක්‍රියාකලාපය නැවතත් මතු කරමින් දැවැන්ත ජනතාවක් කුපිත කරවමින් සංඛපාල ගල්බොක්කයායේ තරුණයන් දෙදෙනෙකු අත් අඩන්ගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දැඩි ජනතා අප්‍රසාදයක් ඇතිකරමින් ශ්‍රී ලංකාවේ හම්බන්තොට සිමෙන්ති කම්හලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සදහා ඔවුන් ජීවත් වන කදු පන්තිය විනාශකිරීමට එරෙහි වීමක් ලෙස ඔවුන් අත් අඩන්ගුවට ගෙන පැරණි සියලුම සිද්දීන් සගවමින් ඔහු මෙම ක්‍රියාවලිය සිදුකර තිබේ. එම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන දහසකට ආසන්න ප්‍රමාණයක් නියෝජිතයන් නැවතත් සංඛපාල ප්‍රදෙශයට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටී.

උඩවලව පොලිස් ස්ථානාධිපතිට හෝ දේශපාලන අධිකාරියට හෝ අල්ලස්, වංචා දූෂණ හෝ අක්‍රමිකතා කරමින් රට පාවා දෙමින් විනාශ කිරීම සදහා ඔවුන්ට ශ්‍රී ලංකාව ලියා දී නැත. උඩවලව පොලිස් ස්තානයට ඉදිරිපත් ව ඇති පැමිණිලිවල රන්මිණි කොත පැරණි වෙහෙරට සිදුකර තිබෙන හානියට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට, කූට ලේඛන සකසා තිබෙන රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම වංචනික ඔප්පු සැකසු චීවරධාරියාට එරෙහිව හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. එසේම සංඛපාල ගල්බොක්කයායේ ඉඩම් මංකොල්ලයට ආධාර අනුබල දෙන්නේද ඔහුමය.

පොලිස්පතිතුමනි, මෙහි පහත දැක්වෙන සබැඳිවල සඳහන් සියලුම කරුණු සඳහා සාක්ෂි රජයේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතනයක් වන අප සතුව සතුව තිබේ. කිසිම අධිකරණ නියෝගයක් නොමැතිව අප ඒ සියල්ලම ලබා දීමට සූදානම්. ඒ රටේ ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව සුරකින්නට දැන්වත් අවශ්‍ය නම් වැරදි කරන නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම පොලිස් ස්ථානාධිපතිට එරෙහිව SIU මගින් සිදුකල විමර්ශනය පිලිබඳව සොයාබලන ලෙසද එය විධිමත් විමර්ශනයක් ලෙස  වූවානම් ඔහු තවමත් පොලිස් සේවයේ රැදී සිටිය නොහැකි බවත් අප සදහන් කරන්නෙමු. එබැවින් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මකකරණ කිරීම කඩිනම් නොකළහොත් එය තවත් අරගලයක ආරම්භයක් බවද අප වගකීමෙන් සටහන් කරමු. එසේම කෝටිපති මුදලාලිලාට වඩා මහජන නැගී සිටීම් ප්‍රභල අතර නවතම සිමෙන්ති කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැති අතර පවතින සිමෙන්ති කම්හල් වසාදමා මේ සිදුකරන්නේද රාජපක්ෂ ගේමක් බව අමතුවෙන් සදහන් කල යුතු නොවේ.

නීතිය ක්‍රියාත්මක නොවූ පුවත් වාර්තා

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කිරීම

2022 02 05 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/9058/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99/28/13/

2022 02 15 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/9327/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/43/09/

2022 02 24 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/9657/02/%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0/39/10/

2022 02 24 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/9697/02/%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b6/07/01/

2022. 04. 15 දින වාර්තාව

https://www.ravanalankanews.lk/10917/04/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b7%90%e0%b7%85%e0%b6%b9%e0%b7%93%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92/59/09/

2022.03.07 දින වාර්තාව

https://www.ravanalankanews.lk/9993/03/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b7%84%e0%b6%bd/03/00/

මේ වන තෙක්ම නීතිය ක්‍රියාත්මක නොවූ රන්මිණි කොත වෙහෙර සම්බන්ධ වාර්තා

2022 08 29 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/2504/08/%e0%b6%8b%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/37/17/

https://www.ravanalankanews.lk/9393/02/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad-%e0%b7%80%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81/29/15/

2022 10 17 දිනැති වාර්තාව

https://www.ravanalankanews.lk/4738/10/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ab%e0%b7%8f-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%83%e0%b6%82/03/10/
2022 09 25 දිනැති වාර්තාව
https://www.ravanalankanews.lk/3761/09/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f/39/13/
Exit mobile version