බිලියන ගණනාවක මුදල් වංචා කිරීමකට බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි නිළියන් සහ නිරූපිකාවන් යොදා ගෙන ඇයට මුදල් දුන් මෙරට අප්‍රකට ධන කුවේරයන් බිය ගැන්වූ ආකාරයටම පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්වද සිය අල්ලේ නටවමින් සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වෙමින් තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.
තිලිණි ප්‍රියමාලි නමැති මේ කාන්තාව පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් සමීපව ඇසුරු කරමින් එම නිලධාරීන්ව තරු පන්තියේ හෝටල්වලදී මුණගැසී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
එම අවස්ථාවලදී ඇය විසින් සිය ජංගම දුරකථනයෙන් එම හමුවීම් වීඩියෝ ගත කර ඇති බවත් ඇතැම් කතාබහ පටිගත කර ගෙන තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇගේ ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග පරීක්ෂා කිරීමේදී එම වීඩියෝ දසුන් සහ හඬපට මතුවෙමින් ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.
එම විඩියෝ දර්ශන සහ හඬපට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කරයි.
තිලිණි ප්‍රියමාලි මුදල් වංචා කළ ඇති බව ව්‍යාපාරිකයන්ට රන් පොලු යැයි පවසා රන් ගැල්වූ පිත්තල කැබැලිදී තිබෙන බවත් එම පිත්තල කැබැලි ප්‍රවාහනය කිරීමටද පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් ආරක්ෂාව ලැබී තිබෙන බවද සඳහන්ය.
තවද ඊට අමතරව ඇගේ ආරක්ෂක උපදේශකයකු ලෙසද ඉහළ පොලිස් නිලධාරියකු කටයුතු කර ඇති බවද අනාවරණය වී ඇත.
තිලිණි ප්‍රියමාලි ඇය සමීපව ඇසුරු කළ පොලිසියේ ඉහළ නිලධාරීන් ඇය විසින් සංවිධානය කළ උත්සව සහ ප්‍රසංගවලටද කැඳවා උපරිම සත්කාරයන්ද කර තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
(දිනමිණ පුවත් පතේ වාර්ථාවක් උණුසුම වෙබ් අඩවියෙන් උපුටාගෙන පලකරන ලදී)