පොලිස්පති සේවා දිගුව ප්‍රතික්ෂේප වේ.

වත්මන් පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබෙන බවත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තුන් වැනි වරටත් සේවා දිගුවක් ලබාදීමට තීරණය කළ අතර, එය නොවැම්බර් මස 03 වැනිදා සිට බලපැවැත්වේ.

වාර්තා වන ආකාරයට සති 03ක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබාදුන් අතර, ඔහුට මේ වන විට අවස්ථා 04ක දී සේවා දිගු ලබා දී තිබේ.

කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇති බවත් මෙම තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ කිසියම් බෙදීමක් ද හටගෙන ඇති බවත් සඳහන් වේ.

ඊයේ (18) දිනයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වී ඇති අතර, එහි දී ද පොලිස්පතිවරයා ගේ සේවා දිගුව ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සේවාදිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ ද එසේත් නැත්නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතු ව ඇති බව තවදුරටත් සඳහන්වේ.

Exit mobile version