මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරීන් 5 දෙනෙකුට උසස්වීම් ලබා දී ඔවුන් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස පත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව පොලිස් අධිකාරී බී.මනතුන්ග ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් , පොලිස් අධිකාරී ජේ.චන්ද්‍රකුමාර විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ජෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් , පොලිස් අධිකාරී ආර්. නූර්දින් පොලිස් විශෙෂ කාර්යාංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් , පොලිස් ඇධිකාරී එම්. රිෆාට් ප්‍රවාහන කොට්ඨසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් , පොලිස් අධිකාරී එස්.ද සිල්වා ජයසේකර අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත් කළ බව වාර්තා වේ.