මේ පුවතද තවත් වැළලී යාමට ඉඩ දිය යුතු කතාවක් නොවේ. වීරකැටියේ පොලිස් ස්ථානාධිපති සහ පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරිය විසන් එකතුව තවත් අපරාධකරුවෙකු ශ්‍රී ලංකාවට දායාද කරමින් සිටින්නා සේ, මේ කතාවද තවත් අපරාධකරුවෙකු සහ අපරාධකරිනියක ලෝකයට දායාද කිරීමට පොලිසිය විසින්ම කටයුතු කරන අසරණ දරු දෙදෙනෙකුගේ කතාවකි.
පමුණුගම , වැලිකැටිය , පරණ ගම්සභාව ඉදිරිපටදී 2022.06.26 ඉරිදා සිය අත්තම්මා බලා යතුරු පැදියෙන් ආපසු නිවසට එමින් සිටි දරු දෙදෙනා සහ පියා පා පැදියක ගැටි ඇති බවත් , පා පැදි කරු මෙම පියාගේ හිසට පහර දී ඇති බැවින් මෙම පියා රාගම රෝහලේ දැඩි සත්කාර අංශයේ සිහිසුන්ව සිටින බවත් වාර්තා වේ.
පමුණුගම , බෝපිටිය, තුඩාව අංක 275 පදිංචි ශාන්ත ලලිත් ජයමාන්න සහ ඔහුගේ පුත් විසාල් (11) සහ දියණිය වෙනුලි (04) මෙසේ ඉතා අවාසාඅවන්ත ලෙස අසරණ ව ඇත . කුඩා දැරියගේ අතක් කැඩී ඇති බවත් , පිරිමි ළමයාටද තුවාල මෙන්ම සිදුවීමෙ අනෙක් පසෙහි පුද්ගලයාගෙන් ගුටි ප්‍රහාරයක් එල්ල වී ඇති බවද කියැවේ.
දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව සිටිනා ශාන්ත කටුනායක ඒ.ටී.ජී. හි සේවය කරන අතර දෙවන විවාහක බිරිඳද එම ආයතනයේම සේවය කරන අතරම දැනට වසරකට පමණ පෙර මෙම විවාහය සිදුව ඇත . මීට වසර දෙකකට පමණ පෙර ශාන්තගේ ප්‍රථම බිරිඳ පිළිකාවක් නිසා මිය ගොස් ඇත.
වෙනුලි (04) මව මිය ගිය අවදියේ සිට අසල්වැසි නිවසක හැදී වැඩී ඇති අතර , ශාන්තගේ දෙවන කසාදයෙන් පසුවද මෙම කුඩා දැරිය එම නිවසේම ජීවත් වන බවත් , අනතුරට ලක්වු පා පැදියේ පැමිණි පොලිස් නිළධාරියාගේ ළඟම ඥාතීන් බවත් කියැවේ.
මෙම නිලධාරියා දුංගල්පිටිය පොලිස් ස්ථානයේ පො.සැ 51759 K.D.A.D.සම්පත් ප්‍රසන්න කුමාර වන අතර පදිංචිය පමුණුගම පොලිස් බල ප්‍රදේශය බව ගම් වාසින් දැනුම් දී තිබේ.
මේ වනතුරු (2022.06.26 – 2022.07.04 ) මෙම සිදුවීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නොමැත. එසේම පියාට සිදුකල පහර දීම පිලිබදව ප්‍රකාශය ලබා දුන් දරුවාට බලපෑම් සිදුවන බවද විවිද වාර්තා අප වෙත ලැබී තිබේ. ඒවා සනාථ කරගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම කල යුත්තේ අදාල පොලිස් ස්ථානය නොවේද?.
මේ සිද්ධිය යට සැඟවුණු තවත් විවිධ කතා ගෙතී තිබේ. මේ සියල්ලම සොයා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කල යුත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වැරදිනම අපරාධකරුවන් සමාජයට බිහිවන්නේ නම් ඒ පිලිබදව ලෝකයේ කිසිම වැසියෙකුට සතුටුවිය නොහැකිය.
පසුගිය 26 වැනිදා සිටම අදාළ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව සිටින්නේ නම් වගකිව යුතු පොලිස් නිලධාරියා තවමත් අත් අඩංගුවට ගෙන නැතිනම්. අධිකරණයට කරුණු වාර්තා කර නැතිනම්, පොලිස්පතිතුමනි කුමක්ද මේ රටට සිදුවන්නේ?. අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේද මේ සිද්ධිය පිලිබදව වහාම කටයුතු කර කුඩා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.