රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට දේශීය ආහාර ලබා දීමට සැලසුම් කර ඇත. පවතින තත්ත්ව හේතුවෙන් විදෙස් රට වලින් මෙම අශ්වයින් සදහා ලබා දෙන ආහාර ආනයනය කිරීම අපහසු වීමත් නිසා දේශීය ආහාර ලබා දීමට කටයුතු කර තිබේ.
රටවල් වලින් ගෙන එන කෑම නොලැබීම හේතුවෙන් අශ්වයින්ගේ බර අඩු වී කෘෂ වී ඇති අතර, කොල්ලු, කඩල, මුං ඇට සහ බඩ ඉරිගු වැනි දෑ අශ්වයන්ට ලබා දීමෙන් පසු අශ්වයින්ගේ බර ක්රමයෙන් වර්ධනය වන බවක් අශ්වාරෝහක කොට්ඨාසය මගින් ප්රකාශ කරනු ලැබේ.