English
සිංහල
00:52 බදාදා, මැයි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් ඇමතිගේ ලියුමටත් වැඩ නොකළ ස්ථානාධිපති ( හඩ පටයක් සහිතයි )

    Ravana by Ravana
    වසර 3ක් ago
    3
    Share on FacebookShare on TwitterWhatsApp

    ඕස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන එම කටයුත්ත ඉටු කර නොදී, මූල්‍ය වංචාවන් සිදු කරන පුද්ගලයෙකුට විරුද්දව දෙහිවල සහ කොටහේන පොලිසි වලට  පැමිණිලි කල නමුත් මාස කිහිපයක් ගත වුවත්  එම පැමිණිලි විභාග නොකරන ලද සිද්දියක් අප වෙත වාර්තා වේ.

    2021 ඔක්තෝම්බර් මස 02 වැනි දින පස්වරු 1.53 ට පමණ පොලිස් මූලස්තානයට සිදු කරන ලද එක් පැමිණිල්ලක් විමර්ෂණය සදහා පෑලියගොඩ පොලිසියටත්, එම පොලිසියෙන් වත්තල පොලිසියටත් පසු කෙසෙල්වත්ත පොලිසියටත් යොමු කර, කෙසෙල්වත්ත පොලිසියෙන් විමර්ෂණ සිදුකිරීමට අදාලව එම මූල්‍ය වංචාව කල පුද්ගලයා කැදවීමට පොලිස් පණිවිඩ නිකුත් කලද නිසි පරීක්ෂණයක් සදහා ඉදිරිපත්ව නැති බවද , වංචාවට හසු වූ එක් පුද්ගලයෙකු මේ වන විට වරින් වර දින 15 කට වඩා කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණ තිබෙන බවද වාර්තා වේ.

    කෙසෙල්වත්ත පොලිසියෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බැවින් මෙම පැමිණිලිකරු වන වත්තල පදිංචි නිශාන්ත සිරිවර්ධන නමැති පුද්ගලයෙකු සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහුගේ සහෝදරියක් විසින් පොලිස් අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාටද පැමිණිලි කර තිබේ. අමත්‍යවරයා සහ පොලිස්පති විසින්ද මෙකී පරීක්ෂණය කරන ලෙස ලිඛිතව දන්වා තිබියදීත් එම කටයුත්ත සිදු නොවන බවද දන්වා සිටි.

    කෙසෙල්වත්ත පොලිසිය වෙත මෙම පැමිණිල්ල යොමුකර මාස තුනත් පසු වුවත් නීත්‍යානුකූලව කල යුතු කිසිවක්  කර නොතිබෙන බවද , දෙපාර්ශ්වය ගෙන්වා විභාග නොකිරීමත් පිලිබදව වංචාවට හසු වූ මෙම පැමිණිලිකරු පොලිසිය පිලිබදව දැඩි අප්‍රසාධය පළකරයි. මෙම මුදල් ලබා ගෙන ඇති සැකකරු   පුද්ගලයන් 14 දෙනෙකුගෙන් පමණ මුදල් ලබා ගෙන තිබෙන නමුත් පොලීසිය වෙත මේ පිලිබදව  පැමිණිලිකර ඇත්තේ දෙදෙනෙකු පමණක් බවද සදහන්ය.

    කෙසෙල්වත්ත පොලිස් ස්තානාධිපතිවරයා බවට සැලකෙන පුද්ගලයෙකු සමග ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල කාන්තාවක් කතා කරන හඩ පටයකින්ද පොලිස් අමාත්‍යවරයාගේ ලිපිය තමාට ලැබුණු බව කෙසෙල්වත්ත ස්ථානාධිපතිවරයා ලෙස දුරකථනයට පිළිතුරු දෙන පුද්ගලයා පිළිගනී. පොලිසියට පැමිණිල්ලක් කල විට එහි කටයුතු කිරීමට  අමාත්‍යවරයා ලිපි යොමු කිරීම අවශ්‍ය නොවේ. එය සිදු කිරීමට පොලිස් ස්ථානාධිපති නීතියෙන් බැදී සිටි. නමුත් එසේ නොකිරීම නිසා අමාත්‍යවරයාට පැමිණිලි කල නමුත් ඇමතිගේ ලිපිය ලැබී මසක් පමණ වුවත් කෙසෙල්වත්ත ස්ථානාධිපති බව කියවෙන පුද්ගලයා ක්‍රියාත්මක වී නැත. පොලීසිය පැමිණිලිකරුට පවසා ඇත්තේ සිවිල් නඩුවක් පවරා මුදල් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. පොලීසියේ මෙවැනි නිලදාරීන් නීතිය නොදන්නා බව දැන් දැන් සිදුවන කාරනා වලින් මනාව පැහැදිලිය. කුඩා පැමිණිල්ලක් වුවද නිසි ලෙස විභාග නොකර “ මේ ශ්‍රී ලංකාවනේ” කියා  සිටීමෙන් යුක්තිය බලාපොරොත්තු වන පුරවැසියා පීඩාවට පත් වේ. ( පොලිස් නිලධාරීන් එසේ ප්‍රකාශ කරන විවිධ හඩ පටද ඇප සතුව තිබේ). නමුත් අප මෙසේ ලියන්නේ සහ මේවා ජනගත කරනුයේ තව දුරටත් විනාශවීම් වලක්වා ගැනීමටයි. සමහර පොලිස් නිලදාරීන්ගෙන් සහ නිලදාරීන්ගෙන් මහජනතාවට සිදුවන පීඩා හේතුවෙන් ඉදිරියේදී ජනතාව නීතිය අතට ගැනීම වලකා , වැරදි කරන සියලුම පුද්ගලයන්ට නිසි මග පෙන්වා දීම අපගේ එකම අරමුණ බව වටහාගෙන කටයුතු කරනු ඇති බවද අපගේ විශ්වාසය වේ.

    රාවණා සටහන

    ආණ්ඩු මාරුවත් සමගම මාරු වන දේශපාලන ස්ථානාධිපතිවරුන් යනු දක්ෂ නිලදාරීන් නොවන බව විද්‍යාත්මකවද පැහැදිලි වන අතර එසේ පත්වීම් දීමට සහ උසස් වීම් දීමටද නීතිමය වශයෙන්ද තහනම්ය. එසේ පස්සෙන් ගොස් තනතුරු සහ උසස්වීම් ලබා ගන්නේ පෞරුෂත්වයක් නැති කම්මැලි, කුසීන නිලදාරීන්ය. දක්ෂයා කිසිදා තනතුරු පස්සේ හෝ උසස්වීම් පස්සේ නොයති. අදක්ෂ නිලදාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට කරන්නේ දැඩි අකටයුත්තකි. සෘජුවම උප පොලිස් තනතුරුවලට පත් වී මේ වනවිට අවුරුදු 30 ක් ගෙවුනත් තවමත් තරු දෙකේ අයද, තුනේ අයද සිටිති. එහෙත් ඔවුන්ට පසුව පොලිස් සේවයට බැදුණු නිලදාරීන් පොලිස් අධිකාරීවරුන් වී සිටී නම් පොලිසියක් හරි පාරේ කෙසේ යන්නද? ඔවුන් දේශපාලකයන පසු පස්සේ ගොස් උස්සවීම් ගන්නේ නම් දක්ෂ නිලදාරීන් නිහඩ පොලිස් දෙපාර්තුමේන්තුවක් කෙසේ නම් මහජන මිත්‍රශීලී වෙයිද ?.

    ඉහත පැමිණිල්ල පිලිබදව අප සතුව තිබෙන ලේඛන වල අනුවනම් සාපරාධි විශ්වාසය කඩ කිරීම,  වංචාව සහ කොටසක් ක්‍රියාවෙන්ද කොටසක් නොකර හැරීමෙන්ද යන චෝදනා  යටතේ එම වංචනික පුද්ගලයාට විරුද්දව මේ වන විටත් නඩු පවරා තිබිය යුතුය.

    ඔහුට විරුද්ධව කටයතු නොකළ පොලිස් නිළදාරීන්ද නීතියට අනු දැන් අපරාධකරුවන්ය. පැමිණිල්ල විභාග කර නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් මෙම වංචනික පුද්ගලයාට තව දුරටත් එම වරද සිදු කරගෙන යාමට අනුබල දීමක් සිදු කරයි. ඒ අනුව වරදට අනුබල දීම සහුතව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 100, එහි පස් වැනි පරිච්චේදයේ වගන්ති කිහිපයක්, එහිම 112, 214, 199, 216, 289 සහ   යන වගන්තීන් වලින්ද කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්දව අපරාද චෝදනා ඉදිරිපත් කල හැකිය. එසේම මේ කාරණාව පිලිබදව වගකීම පැහැර හැර ඇති නිලදාරීන්ටද අපරාද චෝදනා යටතේ නඩු පැවරිය හැකිය.

    රටක දියුණුවට බලපාන ප්‍රධාන කරුණක් වන්නේ සියලු පුරවැසියන් එකිනෙකා වෙනුවෙන් තමන් කල යුතු වගකීම ඉටු කිරීම. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැරදි වලට විරුද්දව කටයුතු කල යුත්තේ උසස් පොලිස් නිලදාරීන්ය. දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් තනතුරු ලබා ගත් ස්ථානාධිපතිවරයෙකුට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට උසස් පොලිස් නිලදාරීන්ට ද කොන්දක් තිබිය යුතුය. එහෙත් කොන්ද ක්‍රියාත්මක කිරීමට ගියහොත් උසස් නිලදාරියට ද නොසිතු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වේ. නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමට මැදිහත්වන දේශපාලන අධිකාරියට විරුද්ධව ද රාජකාරියට බාධා කිරීම යටතේ නඩු  පැවරිය යුතුය. ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම දුරකථන පටිගත කිරීම් අවශ්‍ය වේ. මේ සියල්ලම කල යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුවයි. සියල්ලම දේශපාලනීකරණය වූ ආයතනයක් ගොඩනගන්න නම් ඒ ආයතනයට කොන්දක් ඇති දක්ෂ නායකයන් අවශ්‍ය වේ. තමන් දක්ෂ බව හිතාගෙන සිටින්නන් නොව, විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කරන්නන් හදුනා ගත යුතුය. එවන් නිලදාරීන් ඕනා තරම් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති. ඔවුන් තම රාජකාරිය නිසි ලෙස සිදු කර නිහඩව ජීවත් වෙති.  අප පෙර සදහන් කල අකාරයේ නිලදාරීන් සැබවින්ම නීතියට ගරු කරන  මානව හිතවාදීන් නොවේ.  පොලිස් නිලදාරීන් අධිකරණය පවා නොමග යවමින් කටයතු කරන බවට ද සාක්ෂි ඕනා තරම් අප සතුව් තිබේ. ගොරකා දඩමස් කිරීමට අවශ්‍ය වූ විට ඔවුන් අධිකරණය පවා නොමග යවන නමුත් ඒවාට විරුද්දව කටයුතු කිරීමට මිනිසුන් නොදන්නා බැවින් මේ කටයුතු සියල්ලම සිදු වේ. කුමන අයුරින් හෝ තමන්ගේ රාජකාරිය කිරීම මග හැරීමෙන් සිදුවන්නේ දිනෙන් දින අපරාධ වැඩි වීම සහ නිවැරදි මිනිසුන් අපරාධ වලට ගොදුරු වීමයි.

    අපරාද වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ රජයටයි. රජයේ වගකීම ඉටුකරන්නේ රාජ්‍ය නිලදාරීන්ය.  ඒ වෙනුවෙන් ඔවුන්ට ජනතා වැටුප් ගෙවන්නේ මහජනතාව ආහාරයට ගන්නා සීනි, පරිප්පු ඇටයේ සිටම රජය අය කරගන්නා බදු මුදලිනි. එම බදු මුදලින් වැටුප් ලබාගන්නා පොලිසිය ඇතුළු රාජ්‍ය නිලදාරීන් සහ දේශපාලන බලවතුන්ද තම අඹු දරුවන් නඩත්තු කරයි. වැටුප ලැබෙන්නේ නිසි ලෙස වගකීම ඉටු කිරීමටයි. නිසි ලෙස වගකීම ඉටු නොකර ලබන වැටුප ද වංචනික වැටුපකි. වංචනික වැටුපක් ලබන ඔබ , ඔබේ දරුවන්ට පවා ආහාර ලබා දෙන්නේ මෙම වංචනික වැටුපෙනි.  ඔබට හෝ අඹු දරුවන්ට සැමදා සතුට තිබේ යයි ඔබ විශ්වාස කරන්නේද?. නීති විද්‍යාවෙන් ඔවුන්ට දඩුවම් නියම කර තිබුනත්, එය ක්රියාත්මක නොඋනද, එවැනි පොලිස් නිලදාරීන්ට සහ අනෙකුත් නිලදාරීන්ට  දඩුවම් නොලැබුනද , සොබා දහම ඔබට දෙන දඩුවමෙන් පලා යෑමට ඉඩක් නැති බවද වටහාගෙන කටයුතු කල යුතුව තිබේ.

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery

      © 2021 රාවණා ලංකා.

      Login to your account below

      Forgotten Password?

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version