ජුලි මස 9 වැනිදා පැවති මහජන අරගලයේ 59 වැනි සැකකරු ලෙස න කරන ලද ජනතා නිතිඥ නුවන් බෝපගේ මහතා අද (2022.11. 16) අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබුනා.
ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු ඇතුළුව 100 කට අධික නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර පොලීසිය මගින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද, ඔහුගේ විදේශගතවීම් නවත්වන වලක්වන ලෙසද ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන් ලදී.
ඇප මත නිදහස්ව පැමිණි නුවන් බෝපගේ මහතා මාධ්‍ය අමතමින් පොලිස් ඇමති ටිරාන් අලස් මහතා 2005 දී ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් ලබා දුන් බවද, මහා බැංකු මංකොල්ලයේ මහා මොලකරු රනිල් වික්‍රමසිංහ මහතා බවද සදහන් කරමින් අපරාධකරුවන් වන්නේ ඔවුන් බවද සදහන් කරන ලදී.
එහිදී නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මාධ්‍ය අමතමින් සදහන් කලේ මර්ධනයේ ඉහලින්ම සිටින්නේ කමල් ගුණරත්න සහ දේශබන්දු තෙන්නකොන් ලා බවයි.
මෙහිදී නීතිඥවරුන් අදහස් දක්වමින් ප්‍රකාශකලේ මේ පිටුපස පොලිස් ඇමති ටිරාන් අලස්, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්නසහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මෙම මර්ධනය පිටුපස සිටින බවයි.
කෙසේ වුවත් මෙම මර්ධනය අවසන් නොකිරීම සහ තමන්ගේ වැරදි සගවා ගනිමින් දිගින් දිගටම ජනතාව පීඩාවට ලක් කිරීම කිසි සේත්ම නුසුදුසු ක්‍රියාවක් වන අතර අය වැය ලේඛනයේ සමහර අඩු පාඩුද සමග නැවතත් ජාතිවාදී අරගලද සමග දැවැන්ත සිංහල ජනතා කැළඹීමක් ඇතිවීමේ ලකුණු පහළවෙමින් පවතී. එය ජනාධිපතිවරයා වටහා නොගැනීම හෝ එය වටහාගෙන එසේ නොවීමට උපක්‍රම නොයෙදුවහොත් නැවතත් පෙරටත් වඩා අරගලයෙන් ඔබ්බට ගිය කැරැල්ලක් ඇති විය හැකිය. එය පාලනය කරීමට මෙරට ආරක්ෂක අංශවලට නොහැකි විය හැකි අතර එවිට විදේශීය හමුදා මෙරටට පැමිණීමට ඔද ඇති බැවින් පාලක පන්තිය යම් තාක් හෝ රටට ආදරේ නම් රට සාමකාමීව පවත්වාගෙන යාමට ගත හැකි උපරිම සාධාරණ ක්‍රම භාවිතා කල යුතුය.