පොලිස් ඇමති ටිරාන් මිලියන 17.50ක පොල්ලක් තියයි.(වීඩියෝ)

ශ්‍රී ලංකාව උද්ධමනයෙන් තෙරපෙමින් ටිකෙන් ටික ඉහළට යයි. මේ සියලු බලපෑම් යන්නේ සාමාන්‍ය ජනතාවගේ කර මතින් පමණක් වීම කණගාටුවට කරුණකි.

ධනවතා ධනය රැස් කරමින් දුප්පතා සූරා කමින් සැපවත් ජීවිතයක් ගෙවද්දී දුප්පතුන් ඔවුන්ගේ මස් කටු ලෙවකන බල්ලන් බවට පත්ව ඇත.

රට මෙතරම් අගාධයකට වැටී ඇත්තේ ද එවැනි දූෂිත ධන ලෝභීන්ගේ ක්‍රියාවලට පින් සිද්ධ වන්නටය.

ඩොලර් මිලියන 8000ක රටේ අපනයන ආදායම ව්‍යාපාරිකයන් 26 දෙනෙකු විසින් සම්පූර්ණයෙන්ම කොල්ල කා තිබේ. නමුත් ඒ පිළිබඳ අදාළ පාර්ශව කිසිදු තැකීමක් නොකරයි.

රටේ ධනවත්ම බලවත්ම ගජමිතුරු ව්‍යාපාරිකයො 10 දෙනා රටේ බැංකුවලට පොලු තියලා තියනවා රු.බිලියන 150ක්.මෙම රුපියල් බිලියන 150 ක මුදල ලබා ගැනීමට උත්සහ දරන්නේ නැති වුවත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයා විනාශ වන තෙක් සූරා කෑමට ලක් කරනවා.ඔවුන්ගේ දේපළ පවා පවරා ගැනීමට කටයුතු කරන නමුත් මිලියන ගණන් බිලියන ගණන් වංචා කරන්නන්ට කිසිදු කරදරයක් සිදු නොවේ.

විශේෂයෙන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්න නියෝජිතයෙක් වන ටිරාන් අලස් ද ලංකා බැංකුවට මිලියන 17.50ක පොල්ලක් තබා ඇත්තේ කිසිදු ඇපයක් හෝ නොතබාය.

Exit mobile version