ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පති යනු ජනතාවගේ අරක්ෂකයාය. එම තනතුර එසේ මෙසේ තනතුරක් නොවේ. එය භයංකාරය. බලපුලුවන්කාරය. නමුත් සියල්ලම සිදුවිය යුත්තේ නීතියට අනුවය. එහෙත් සියල්ලම සිදුවන්නේ නීතියට පයින් ගසමිනි. පොලිස්පතිවරුන්ගේ ඉතිහාසයේ දූෂණ, වංචා, අක්‍රමිකතා, නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම්, පොලිස් නිලධාරීන්ට නඩු වැටීම්, දේශපාලන ඇගිලිගැසීම්, පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරුන්ට බලපෑම් සිදුකිරීම් ආදී ගෝත්‍රික ඝනයට නොහොත් නීතිවිරෝදී ක්‍රියා සියගණනක් සිදුවන්නේ වර්තමාන පොලිස්පතිවරයා යටතේය. කෙසේ වුවත් ස්වාධීන පොලිස් දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකාවට නැතිවීමේ ඵලය නිසා මේ වන විට පොලිස්පති පමණක් නොවේ පොලිස් දෙපාර්තමේන්තුවේ හොඳ නිලධාරීන්ටද පාරක්වත් බැස යාමට නොහැකිව තිබේ. එසේම යම් දවසක ස්වාදීන පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කරන්න නම් ඊට පෙර පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දස ගණනක් ඉවත් කර අලුත්ම නිලධාරීන් බඳවා ගැනීමට සිදුවනු ඇත.
සමහර දූෂිත උසස් පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලියන් සැබවින්ම ශ්‍රී ලංකාවට විශාල කරදරයක් වී තිබේ. වාහන හොරකමකට රිමාන්ඩ් වූ උසස් පොලිස් නිලධාරියා දැන් ප්‍රදේශයක් භාර නිලධාරියෙකි. අප මීට පෙර දිනක වාර්තා කල උන්ඩියල් ක්‍රමයට ලක්ෂ 75 ක් උපයන ලද ව්‍යාපාරිකයාට එම මුදල් ලබා දීම පිළිබඳව චෝදනා එල්ලවන්නේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නටය. ඔහු එවකට DIG තෙන්නකෝන් යටතේ සිටි අතර මෙම ලක්ෂ 75 අත් අඩංගුවට ගැනීමට රාජකාරිය කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ඇතුළු පිරිස අදාළ මුස්ලිම් ජාතික ව්යපාරිකයාගෙන් කප්පම් ගැනීමට ගිය බව පවසමින් ඔවුන් අත් අඩංගුවට ගැනීමට උප පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු කණ්ඩායමක් එවා තිබෙන්නේ DIG තෙන්නකොන්ය. අත් අඩංගුවට ගෙන තිබු එම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ උපන්දිනය තිබු බව කියවෙන එම මස 26 වැනි දින ඔහුගේ නිවසේ තිබු පාටියට ඔහුව රැගෙන ගිය බව කියවෙන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා අද එම ප්‍රදේශයේම ASP කෙනෙකි. පොලිස් අත් අඩංගුවේ සිට තම නිවසේ පැවති සාදයට ඔහු රැගෙන ගිය පොලිස් ජීප් රියේ රියදුරා වන්නේ රොෂාන් නමැති නිලධාරියෙකු බව කියවෙන එය එකල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජීප් රථය බවද කියවේ. එසේම එම ගමන යාමට මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 10 ක් උසස් පොලිස් නිලධාරීන්ට අල්ලස් ලෙස දී තිබෙන අතර එවැනි බොහෝ පොලිස් නිලධාරීන්ට මේ වන විට සුපිරි ජීවිත ගත කරති. එවැනි පොලිස් නිලධාරීන්ට මරණීය දණ්ඩනය ලබා දීම සදහා නවතම නීති සැකසිය යුතුය . එම මරණීය දණ්ඩනයට ලක් විය යුතු එම නිලධාරීන් නිසා ලක්ෂ 75 හේ සිද්ධියට අදාලව ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කල අපරාධය පොලිස්පතිටවත් නොපෙනීමෙන් පෙනී යන්නේ තව දුරටත් තනතුර බාල්දු නොකර, අමාරුවේ නොවැටී පොලිස්පතිටද ගෙදර යාමට කාලය ඇවිත් තිබෙන බවයි. එවැනි දූෂිත නිලධාරීන් සියලුම දෙනාගේ අපල කාලය අනාගතයේ නියත වශයෙන්ම උදා වන බව අපට පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් පොලිස්පතිවරයා මේ සියලුම සිදුවීම් වලදී දේශපාලනික වශයෙන් යම් යම් පීඩාවන්ට ලක්ව තිබිය හැකිය. මැයි 9 වැනිදා ප්‍රහාරයේ චුදිතයන් පවා අත් අඩංගුවට ගැනීමට නොහැක්කේ එවැනි බලපෑම් නිසා බවද අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් පොලිස්පති ලෙස ඔහු වගකීමට බැදී සිටි.
ඉහත ලක්ෂ 75 හේ සිද්ධියේ නවතම සිද්ධිය මේ වන විට ලංකා සර වාර්තා කර තිබේ. එයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ සහ වත්මන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර උතුර) රොහාන් ප්‍රේමරත්න විසින් සිදුකළ බවට සැක කරන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය අපරාධය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ. කෙසේ නමුත් දීර්ඝ කතාවක් හෙළිකරමින් එම කතාවේ යුක්තිය අනාගතයේ හෝ ලබාගත හැකි ලෙස විශිෂ්ඨ පරීක්ෂණයක් ඔහු සිදු කර තිබේ. එම ප්‍රදේශයේ භාරව සිටින DIG තෙන්නකෝන්, DIG රොහාන් ප්‍රේමරත්නට හෝ ASP මහින්ද විල්ලවආරච්චිට දැන් කල හැක්කේ පෑලියගොඩ පොලීසිය තුල තිබෙන එම පැරණි වාර්තා විනාශ කිරීමටය. නමුත් ඒවා දැන් එලියට පැමිණ අවසන්ය.
ලොව දූෂිතම පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස නම් කර තිබෙන්නේ ඝානා පොලිසියයි. එහි පොලිස්පති අචාර්ය ජෝර්ජ් අකුෆෝ දම්පාරේ විසින්ම තම පොලිසියේ දූෂණ වංචා හෙළිදරව් කරමින් තම ආයතනය සුරක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා කුමාසි හි ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් වෛද්‍ය දම්පාරේ කියා සිටියේ දූෂිතයන් සහ “බලසේනාවේ සාමාජිකයන් අතර නරක මිනිසුන්” කිහිප දෙනෙකු සිටීමෙන් සේවාව කිසි විටෙකත් පලා ගොස් නැති නමුත් තමන් කිසි විටෙකත් සේවාවේ දූෂිත ටැගය පිළිගන්නේ නැති බවයි.
ඒ අතර නයිජිරියා පොලිස්පති ඊබ්‍රාහිම් ඉඩිස් මහතා පවසන්නේ පොලිස් බලකායට එරෙහිව අල්ලස් හ දූෂණ චෝදනා තිබියදීත්, පොලිස් නිලධාරින් අතර දූෂනය විශාල ලෙස අඩු වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ පොලිස්පතිට නම් කියන්නට තිබෙන්නේ “මට විශ්‍රාම යනවාට වඩා කරන්න දෙයක් නෑ” කියා විය හැකිය. නමුත් ඊබ්‍රාහිම් ඉඩිස් මහතාටද දූෂණ චෝදනා තිබුණු අතර ඔහු හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ එසේ ප්‍රකාශ කර තිබුණි
ලංකා සර වාර්තාව.
පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරන ආකාරයට පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වෙත මෙම ස්ථාන මාරුව ලැබෙන්නේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වකවානුවේ අත්අඩංගුවට පත් වී සිටි නයිජිරියානු හා ශ්‍රී ලාංකීය උණ්ඩියල් ජාවාරම්කරුවන් පිරිසක් අරභයා අධිකරණයත් නොමග යවා කළ අකටයුත්තක් ගැන එවකට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් ජගත් අල්විස් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් කළ විමර්ශනයක් හේතුවෙන් බවද ඔවුන් වාර්තා කර තිබේ.
නීති විරෝධී ජාවාරමක යෙදුන මෙම උණ්ඩියල්කරුවන් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව එම චෝදනාව ගොනු වී තිබිණි. පොලිස්පති නියමයෙන් කළ මෙම විමර්ශනය සම්පූර්ණ කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම නිලධාරියා සම්බන්ධ විමර්ශනයක් සිදුකරන ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ පරීක්ෂණයක් කරන ලෙසත් එම විමර්ශන නිර්දේශවල සඳහන්ව ඇති බව ද සඳහන් වේ.
එසේම මෙම විමර්ශන ලිපිගොනු පොලිස්පතිවරයා වෙත භාර දී මාස හයකට අධික කාලයක් ගතවුණු පසුත් කිසිම පියවරක් ගෙන නැති අතර පසුගිය 05 වැනිදා නිමා කළ විමර්ශනය සම්බන්ධව කරුණු අධිකරණයට වාර්තා කිරීමට වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා කටයුතු කර තිබිණ.
එසේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාව සිටි එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යවා ඇති අතර විමර්ශනය සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියම වී ඇතැයි ද සඳහන් කර තිබේ.
කරුණු කාරණා කෙසේ වෙතත් මේ වනවිට සියල්ලම අධිකරණයට වාර්තා කර තිබේ. දැන් තමන්ට හිතවත් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේ වාඩි කර නඩුව ඉවත් කරනු ඇත. පොලිස් නිලධාරීන්ට එසේ කල් හැකිය. නමුත් සියලුම දෙනා නටන්නේ එලිපිටය. සියලුම අරගල මෙන්ම ගැටළු සියල්ලටම හේතුව වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේම සමහර නිලධාරීන්ගේ මෙම මාෆියාව නිසාය