පොලිසිය පොලිස් නොකිරීම හේතුවෙන් අද අපට අසන්නට ලැබුනේ බරපතල ඛේදවාචකයකි. තිරික්කෝවිල් පොලිසියේදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු මරා දැමීමේ මහා ඛේදවාචකය නූතන පොලිස් ඉතිහාසයේ මහා කළු පැල්ලමකි.
අප දිගින් දිගටම විවිධ සමාජ වාර්තා මගින් පොලිස් නිලධාරීන්ගේ තත්වයන් ඉදිරිපත් කරන ලදී. අද සිදු වූ ඛේදවාචකයට හේතුව වන්නේ මෙම පොලිස් නිලධාරියාගේ යම් මානසික තත්වයක් විය හැකි බවට අනුමාන කල හැකිය. ඔහු මෑතකදී නිවාඩුද ගොස් තිබෙන බව සහ ඔහුගේ නිවස පිහිටා ඇත්තේ රාජකාරී පොලිස් ස්ථානය වෙත පැයකින් පමණ ලගා විය හැකි ප්‍රදේශයක බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ලදී.
අද පොලිස් නිලදාරීන් මෙන්ම හෙට සාමාන්‍ය ජනතාවද මේ අයුරින් කා මරා ගැනීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ අනාගත නිර්මාණයන් සදහා සමාජවේදීන්ගේ අවශ්‍යතාවය දැන් දැන් මතු වෙමින් තිබුනද මේ සදහා වගකිව යුතු බලධාරීන්ට ඒ පිලිබදව දැනුමක් නැති කමින් දිනෙන් දින පිරිහීම වැඩි වනු ඇත.
මෙසේ පොලිස් නිලදාරීන් හතර දෙනෙකු මිය යද්දී තවත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අත් අඩංගුවට ගන්නේ පොලිස් කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමක් පිළිබදවය.
ඔහුගේ මෙම ක්‍රියාවට හේතුව කුමක්ද ? සම්පූර්ණ සිද්ධිය අණාවරණයෙන් පසු දීර්ඝ විග්‍රහයක් බලාපොරොත්තු වන්න.