හෙරොයින් ජාවාරමකට අනුබල දුන් වලකාපොල පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් සහ තිස්සමහාරාමයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු කෑගල්ල බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පිහිටි වයඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අසළදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. හෙරොයින්වලට අමතරව යතුරුපැදියක් , බැංකු ගිණුම් පොත් 4ක් , ජංගම දුරකථන 8ක් , ATM කාඩ් පත් 4ක් සහ සුපිරි වෙළදසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ කාඩ්පත් 3ක් මොවුන් සන්තකයේ තිබී සොයා ගත් බව වාර්තා වේ.
මිට අමතරව 30 හැවිරිදි පුද්ගලයෙකු රාගම , තේ වත්ත ප්‍රදේශයේදී විවිධ මත්ද්‍රව්‍ය තබා ගෙන සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. ඔහු සතුව ද කේරළ ගංජා , හෑෂ් , කුෂ්,මත් මුද්දර තිබූ බව සදහන් කරයි.