ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවට ඉංගිරිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල පොලිසියට අනුයුක්තව කොට්ඨාස බුද්ධි අංශයේ සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා තවත් පිරිසක් සමග ඉංගිරිය නම්බපාන ප්රදේශයේ හෝටලයක ආහාර ගනිමින් සිටි තවත් පිරිසක් සමග ආරවුලක් හටගෙන තිබූ බව සදහන්.
එහිදී කොස්තාපල්වරයාගේ පාර්ශවයේ පිරිස අනෙක් පාර්ශවයේ ආහාර ගනිමින් සිටි මේසයේ තිබෙන ආහාර ඔවුන්ගේ ඇඟ මතට වැටෙන සේ පෙරළා දමා දැඩි කලබලකාරී තත්ත්වයක් එහි ඇතිකර ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි තව පිරිසක් දෙපාර්ශ්වයම සමථ කර දෙපසට කර විසුරුවා ආරවුල සංසිඳුවා ඇති මුත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පිරිසක් සමග එදින රාත්රී ඉංගිරිය ඇලබඩ පාරේ නිවසක ට කඩා වැදී දොර ජනේල වලට සහ දේපළ වලට පහරදී තිබූ බවට පොලිසිය කියයි