ඊයේ (6) දින රාත්රියේදී නෝර්වුඩ් පොලිසියට අයත් පොලිස් ජීප් රථයක් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව ආසන්නයේදී ප්රපාතයකට පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තාවේ.
මෙම අනතුරින් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා වතු කම්කරුවන් පිරිසක් විසින් දික්ඔය රෝහල වෙත ඇතුලත් කොට තිබේ.
රාත්රී මුර සංචාරයක නිරතව සිටිමින් මෙම ජීප් රථය එම ප්රදේශයේ අනවසර මැණික් ජාවාරමක් වැටලීමට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සදහන් වේ. අනතුර හේතුවෙන් ජීප් රථයට බරපතල හානි සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලිසිය විසින් සිදුකරනු ලබයි.