පොලිස් නිලධාරියාට පාතාලයෙන් වෙඩි. පොලිසිය සිද්ධිය යට ගහලා

පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමේ පොලිස් කුටියේදී පසුගිය දෙසැම්බර් 06 වෙනි දින රෝහිත රුවන් කුමාර නැමති පොලිස් නිලධාරියා ඝාතනය කර ඇත්තේ ප්‍රබල දේශපාලන සම්බන්ධතාවක් පවතින පාතාල කල්ලි නායිකාවකගේ මෙහෙයවීමෙන් බව අනාවරණය වී තිබේ.

මේ වනවිටත් ඊට අදාළ පොලිස් පරීක්ෂණ යට ගසා ඇති අතර හෙළි වී තිබෙන තොරතුරු අනුව එම පිවිසුමේදී අදාළ නිලධාරියාගේ මෙහෙයවීමෙන් වාහනයක් පරික්ෂා කිරීමේදී ආයුධ ඇති බව දැක තිබේ. මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී අදාළ කාන්තාවට තිබෙන දේශපාලන සම්බන්ධකම් සහ ඒ සම්බන්ධතා අනුව මෙහෙයවීම් යටතේ ඝාතනය කරන ලද පුද්ගලයින් පිළිබඳවද හෙළි කරමින් පොලිස් නිලධාරියාට තර්ජනය කර ඇත.

ඉන් දින දෙකකට පසුව මෙම සිදුවීම පිළිබඳව රෝහිත රුවන් කුමාර පොලිස් පරීක්ෂකගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතරතුර අධිවේගී පිවිසුම් පොලිස් කුටිය තුළදී ඔහුව ඝාතනය කර තිබිණි. නමුත් මෙය එම පොලිස් නිලධාරියාගේ ගිණිඅවියෙන් වෙඩි තබා ගෙන සිය දිවි නසා ගැනීමක් බව ප්‍රචාරය කරනු ලැබීය. (lankatruth)

Exit mobile version