පොලිස් දෙපාර්තමේන්තුව යනු ජනතාව සමග නිරන්තරයෙන්ම සහසම්බන්ධතාවයක් තිබෙන එකම ආයතනය වේ. මිනිසාට හෝ පරිසරයට මෙන්ම යම් සතා සිව්පාවට මෙන්ම අසාදාරනයක්, අකටයුත්තක් සිදු වූ විට බුද්ධිමත් මිනිසා කෙලින්ම යන්නේ පොලිසියටයි. ඒ සාමය ආරක්ෂා කරගනිමින් නීතිය ක්‍රියාත්මක කර ගැනීමටයි.
නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් සහ පහල නිලයන් ඉතාම සීමිත පිරිසක් අල්ලස් ගැනීම, වංචා මෙන්ම දූෂණ ක්‍රියා වල යෙදෙන අතර ඒවා ක්ෂණිකව සමාජ ගත වන්නේ සමාජය සමග පොලිසිය නිරන්තරයෙන්ම ගැටෙන නිසාය. අනෙකුත් රාජ්‍ය ආයතන දෙස බලන විට ගුරුවරුන්ගේ , විදුහල්පතිගේ, ග්‍රාම සේවකගේ සිටම ඉතාම ඇත ලොස්සක් අල්ලස් සහ දූෂණය වල යෙදෙති. නමුත් ඒවා එක් කොටසකට පමණක් සමාජ ගත වන නමුත් පොලීසය යනු ග්‍රාම සේවා වසම් 15, ක් 20 ක නීතිය සහ සාමය සුරකීමට තිබෙන ආයතනය නිසා ඔවුන්ගේ එක් වරදක් ක්ෂණිකව සමාජ ගත වේ.
පොලිසි වල අපරාධ පරීක්ෂණ කරන අංශ, රථ වාහන මෙන්ම අධිකරණ කටයුතු කරන නිලධාරීන් වැඩි වශයෙන් වැරදි කරන අතර අධිකරණ කටුතුවල නිරතවන නිලධාරීන් නීතිඥවරුන් සමග පවා එකතුව අල්ලස් ගැනීම සිදු කරන අතර නඩුවක් ලබා දීමෙන් නීතිවේදින්ද යම් මුදලක් එම නිලධරීන්ට ලබා දෙයි.
මේවා සත්‍ය බව පැවසීමට සියලු සාක්ෂි අප සතුව තිබේ. නමුත් අපගේ පුවතට පදනම් වුයේ මේ වන විට පොලිස් නිලධාරීන්ගේ අල්ලස් ගැනීම වැඩි වීමේ ප්රවනතාවය පිළිබඳවයි.
පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය අංශයේ ඉංධන දීමනාවන් මේ වන විට කපා හැර තිබෙන බව වාර්තා වුයේ මීට බොහෝ කලකට පෙරය. ඒ ඉන්ධන හිඟය නිසාය. එහෙත් ආරක්ෂක හමුදාවන් වල මෙන්ම සමහර උසස් පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් තවමත් රජයේ වාහන භාවිතා කරන බැව් පෙනේ. කෙසේ වෙතත් රජයේ නිල වාහනය ලබා දී ඇත්තේ තමන්ගේ රාජකාරී කටයුතු වෙනුවෙන් පමණි. නමුත් රාජකාරී බහුල, යුධ සමයේ දැවැන්ත සේවයක් ඉටුකළ ආරක්ෂක අංශවල උසස්ම නිලධාරීන් ( යුධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයෙන් ඉහලට සමාන නිලයක් සහ සේවයක් ඇති අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන්ට) එසේ සහන දීමෙන් ගැටළුවක් නැත.
නමුත් පොලිස් නිලධාරීන්ගේ හදිසි වැටලීම්, 119 ඇමතුම් ඔස්සේ ක්‍රියාත්මක වීම, රථ වාහන රාජකාරි ආදිය සිදු කිරීමට අවශ්‍ය වියදම් ඔවුන් සපයා ගන්නේ ඔවුන්ගේ වැටුප් මුදලින් බව අනාවරණය වී තිබේ. එසේ වැටුපෙන් මුදල් වියදම් කරන්නට ගිය විට ඔවුන්ගේ ආර්ථිකය තව තවත් දුර්වල වන අතාර එම රාජකාරී සදහා සහබාගි වන නිලධාරින් අත් අඩංගුවට ගන්නා සැක කරුවන්ගෙන් මුදල් ලබා ගන්නා තත්වයක් උද්ගතව තිබේ. “ මේ ගාන දීපන්, චෝදනා අඩුවෙන් දැන්නම්”. “ එන්න විදියක් නැහැ, තෙල් වියදම දීපන්/ දෙන්න” යන්නෙන් දැනටමත් සුළුවෙන් සිදුවෙමින් පැවති. මේ කාරණාව මීට පෙරද සිදු වූ නමුත් එය ඉතාම අඩුවෙන් සහ පරිස්සමින් සිදු විය. මේ වන විට එය ප්‍රසිද්ධියේම සිදුවීමට කටයුතු සිදුවෙමින් පවතින අතර, පොලිස් නිලධාරීන්ට එසේ කිරීමට සිදුවන්නේ රජයේ ඉන්ධන කප්පාදුව නිසා බැවින් උසස් පොලිස් නිලධාරින්ටද ඒවා දැක්කත් නොදැක්කා සේ සිටිමට සිදුව තිබේ. එසේ සිටීනවා හැර කරන්නට දෙයක් නැත. ඔවුන් සියලු දෙනාටම දරු පැටවුන් ඇත. මේ කාරනා නිසා විනාශ වන පොලිස් දෙපාර්තමේන්තුවේ විනාශය ඉක්මනින් සිදුවෙමින් තිබේ. මිනිසුන්ගේ සමාජ සහ ආර්ථික ප්‍රශ්න නිමා වන විට සියලු පොලිස් නිලධාරීන්ට අල්ලස් සහ දූෂණ චෝදනා මත පුනරුත්තාපනය කිරීමට සිදුවන බැව් විශ්වාසය.
මහ බැංකු අධිපතිතුමනි. පොලිස්පතිතුමනි, අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම බැංකු වල තවමත් දූෂණ මෙන්ම වංචා නැවතී නැත. ඒ පිළිබදවද සාක්ෂි විශාල ප්‍රමාණයක් අප සතුව තිබේ. රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන වියදම් තව දුරටත් කපා හැර හෝ පොලිස් නිලධාරීන්ගේ ඉන්ධන වියදම් පෙර පරිදිම නැතත් යම් තාක් දුරට ලබා නොදුන්න හොත් ආර්ථික අර්බුදය අස්සේ නැවත දශක ගණනාවකින්වත් විසඳිය නොහැකි සමාජ ගැටළු දහස් ගනනාවක් නිරමාණය වනු ඇත.