තෙරිපැහැ සමෘද්ධි සංවර්ධන බැංකුව අසළ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයෙකු සහ තවත් අයෙකු පරීක්ෂා කිරීම සදහා පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පොල්ලක් අතැතිව සිටි පුද්ගලයා පොලිස් සැරයන්වරයාගේ නිල ඇදුමෙන් ඇද එම පොල්ලෙන් හිසට පහර දී ඇති අතර අනෙක් පුද්ගලයා විසින් ගලකින් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට හා හිසට පහර දී ඇති බව වාර්තා වේ.
අනතුරුව තෙරිපැහැ පොලීසියේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කියයි.මෙම සැකකරුවන් දෙදෙනා තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් සහ 28 හැවිරිදි අයෙක් බව සදහන් වේ.
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සදහා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.