පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඩුවම .

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති බව වාර්තා වේ.

ඒ 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් කරමිනි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

Exit mobile version