පොලිස් නිළධාරිීීීීන් සිව් දෙනෙකු අත්අඩංගුවට

යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට යාපනය පොලිස් කොට්ඨාසයේ වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබුණු ආකරයට නිවසකට ඇතුළු වී බිය ගන්වා රුපියල් අනූ දහසක් සහ රන් පවුම් 16.5ක් කොල්ල කෑම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණු සිත්තන්කේනි ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් මෙසේ මියගොස් තිබේ.

මෙම තරුණ සැකකරු පසුගිය 11 වැනිදා වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය විසින් මුලින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කිරීමෙන් අනතුරුව ඔහු මල්ලාකම් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version