ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල, නීතියට පරිභාහිරව සිවිල් ඇදුමින් සැරසුනු නීතිවිරෝදී වෙඩික්කරුවන්, සිද්ධීන් මවන්න යොදා සිටින කණ්ඩායම් සිටිති. එය පොලිසිය හැංගුවත්, පොලිස් ප්‍රධානීන්ගේ උපන් ඇඳුමට වැටුනු ආසන්නතම සිද්ධිය වූයේ මාතර හෝටලයට වෙඩි තැබීමයි. ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙ එම නීතිවිරෝදී වෙඩි තැබීම සිදුවන්නේ බොරැල්ලේදීය. එවන් සිද්ධීන් විශාල ප්‍රමාණයක් අපට පෙන්වා දිය හැකිය.
කෙසේ වුවත් , ආසන්නතම සිද්ධිය වු නාරම්මලදී නිරපරාදේ තරුණයෙකුට වෙඩි තැබූ බව දැන් හෙලිදරව් වී අවසන් ය. එය විසඳීමට දැන් අධිකරණයට බාර වී අවසන් නමුත් පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ ප්‍රකාශයට අනුව ඔහුව පොලිසියෙන් ආරක්ෂා කරන්නේය. එසේම මරණකරු වෙනුවෙන් කිසිදු සාක්ෂියක් ද නැත. සාක්ෂියක් නොමැති වූ විට පොලිසියටද කිරීමට දෙයක් නැති නමුත් පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව එහි වාසිය තම නිලධාරියා වෙනුවෙන් භාවිතා කරන්නේය.
නාරම්මල සිද්ධියට අදාලව එම පොලිස් නිලධාරියා වෙඩි තබන වීඩියෝවක් නැතත් ඔහුගේ වෙඩිල්ලෙන් ඔහු දැඩ් පසුතැවිල්ලක් පෙන්නුම් කරයි. ව්‍යාකූලව සිටින ඔහු ප්‍රකාශ කරන්නෙ මම වෙඩි තියන්න හිතාගෙන එය නොකල බවයි. එම වෙඩිල්ලෙන් ඔහු දැඩි ලෙස සංවේදී වෙයි.
කෙසේ වෙතත් ඔහු සිටින්නේ සිවිල් ඇදුමෙන් බව එම වීඩියෝවේ දක්නට ලැබේ. සෙරෙප්පු දෙකක් පැලද සිටින වෙඩික්කරු පෙනුනත්, ඔහුගේ සඟයා සිටින්නෙ කුමන ඇදුමකින්ද යන්නද නොපෙනේ. නමුත් වාහනය නවත්වන ලෙස අණදුන් අවස්ථාවේ ඔවුන් සිටියේ කුමන ඇදුමකින්ද යන්න අපට දක්නට නැත. නමුත් වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද ප්‍රකාශ කලේ සිවිල් ඇදුමෙන් රථවාහන පරික්ෂා නොකරන ලෙස නැවතත් උපදෙස් දුන් බවයි. ඒ අනුව එම නිලධාරියා සිවිල් ඇදුමින් සිටි බවට වැඩබලන පොලිස්පතිවරයා ද තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුලින් අපට දිගින් දිගටම ඇසෙන බහුතරයක් යහපත් නොවේ. ඉන් කියවෙන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව යහපත් ආයතනයක් බවට බලහත්කාරයෙන් හෝ පත්කළ යුතු බවයි. එසේ නොමැතිවීමේ පලය ලෙස වර්තමාන පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නන්ගේ දරුවන්ට පවා, අනාගත පොලිස් නිලධාරින්ගෙන් සිදුවන්නේ ද ,ඒ ආකාරයේම දැඩි හිංසා බැව් ඔවුන් තේරුම් ගෙන නැත.
වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා එම මරණකරු වෙනුවෙන් ලක්ෂ 10 ක මුදලක් නිවැසියන් වෙනුවෙන් ලබා දුන්නේය. එය හොද දෙයක් වුවත්, ලක්ෂ දහයකින් එම දරුවන්ට අවුරුද්දක්වත් ජීවත්වීමට නොහැක.
එබැවින් වැඩබලන පොලිස්පතිවරයා දැන් කල යුත්තේ තම පොලීසියට විනයක් ඇතිකිරීමයි. අරටු හදන්න බැරි උනත්, ඔවුන් බලෙන් හෝ යහපත් පොලිස් නිලධාරින් ලෙස නිර්මාණය කල යුතුය. ඒ ඔවුන් පොලිස් නිලධාරීන් බැවිනි.