අද අලුයම 2.30 ට පමන මහනුවර දිගන මාර්ගයේ පල්ලේකැලේ යුධ හමුදා කදවුර ඉදිරිපිටදි දිගන දෙසින් පැමිනි කේ ඩි එච් වර්ගයට අයත් වෑන්රථයක් සමග ගැටුනු යතුරු පැදයක් එහි ගමන් ගත් පොලීසියේ බුද්ධි අංශයේ පල්ලේකැලේ පොලිසියට අනුයුක්තව රාජකාරි කල පොලිස් සැරයන් වසන්ත පුෂ්පකුමාර මහතා ජිවිතක්ෂයට පත්ව ඇත.
ඔහු දෙදරු පියෙක් බව වාර්තා වේ.
ඊයේ රාත්රි කුන්ඩසාලේ බංඩාරනායක ජාතික පාසල් ක්රීඩාංගනේ පැවති සංගිත සංදර්ශනයේ රාජකාරි නිමවා ආපසු පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදි ඔහු මෙම අනතුරට ලක්ව ඇත.
සිද්ධිය සම්බන්දයෙන් වෑන්රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර රියදුරු එම අවස්ථාවේ අධික ලෙස බිමත්ව සිට් බව පොලිසිය ප්රකාශ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසිය පරික්ෂන කටයුතු සිදුකරයි.