ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජනබලවේගය විසින් පවතින රජයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ කොළඹදීය. එහිදී විපක්ෂ නායකවරයාටද කදුළු ගෑස් ප්‍රහාර සහ ප්‍රහාර එල්ල වු අතර ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලදී.
කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය එරෙහිව එල්ල කල කදුළු ගෑස් ඉලක්කයකින් තොරව එල්ලකර තිබෙන අතර, දරුවන් විශාල ප්‍රමාණයක් සිටි ජාතික පුස්තකාලයටද ඔවුන් කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබේ.
සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වන වීඩියෝ වලට අනූව එය දරුවන්, භීතියටත් , කම්පනයටත් පත් කර තිබේ. එසේම එම දරුවන් පොලිස් නිලධාරීන් පිළිබදව දැඩි පිළිකුලක් සහිතව තම අනාගතයට මුහුණ දෙනු ඇත.
එම වීඩියෝ දර්ශනවලට අනුව පෙනී යන්නේ, පොලිසිය වගකීමකින් තොරව කදුළු ගෑස් ප්‍රහාර එල්ලකරන බවයි.
එම වීඩියෝවලට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලාංකික ප්‍රජාව, ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම රජයට දැඩි අප්‍රසාදය එල්ලකර තිබේ.
පසුගිය අවුරුදු කිහිපයක සිට , ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපකීර්තිමත් නිලධාරින් නිසා එම වටිනා ආයතනය දිනෙන් දින පරිහානියට පත්වෙමින් තිබේ.