පොලිස් ලේකම්ගේ ලැජ්ජා නැති පොලිස් වැඩක් වැඩක්!. ජනපති හරියටම වැඩේ කරයි!

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් රැස්වීමට  පොලීසියේ නිලධාරියකු වෙනුවට අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක තමාගේම නම නිර්දේශ කර ගෙන විදෙස්ගත වීමට ගත් උත්සාහයක් ජනාධිපතිවරයා නවතා තිබෙන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නිවාඩු අනුමත නොකිරීම මීට හේතුව වේ.

මෙම රැස්වීම සඳහා  පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන හය දෙනෙකුගෙන්  යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත විය.

මේ සඳහා සුදුසු  නිලධාරියෙකු පත් කර එවන්නයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයට විදෙස් කටයුතු අමත්‍යංශය  දන්වා යවා තිබියදී අමාත්‍යංශ ලේකම්වරයා තමාගේ නම යෝජනා කර ඇත.

තම නම යෝජනා කර යවන අතරේ මෙම සංචාරය සඳහා ශීත ඇඳුම් මිලදී ගැනීමටත් අවශ්‍ය ඇඳුම් මිලදී ගැනීමටත් අනුමත මුදල් ද වියානි ගුණතිලක විසින් ලබාගෙන තිබෙන බවද සඳහන් වේ..

කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිවාඩු අනුමත නොකර ඇත්තේ  සංචාරය සඳහා පොලිස් නිලධාරියකු නිලධාරීහු සහභාගි විය යුතු නිසාය..

වියානි ගුණතිලක රාජ්‍ය පරිපාලන සේවාවේ නිලධාරියකු වන අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම් ධුරයට පත්වීමට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ධුරය දරන ලදී.

ශ්‍රී රාවණා සටහන

අප නිරනත්රයෙන්ම සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන විනාශයට වගකිව යුත්තේ ප්‍රභූ පැලන්තියේ නිළධාරීන් බවයි. මහජන මුදලින් තම යට ඇදුම පවා ලබා ගන්නා ඔවුන් තමන්ගේ ආත්මාර්තකාමි වැඩ මෙන්ම අල්ලස් ගැනීමේ ක්‍රියාවන් මෙම විනාශයට හේතුවයි.  එසේම දේශපාලන න්‍යාය පත්‍රයන් ඉහලින්ම ක්‍රියාත්මක කරනා ඔවුන් දේශපාලන අධිකාරියද නොමග යවා සිදුකරනුයේ මේ රටේ මහජන මුදල් තමන්ගේ හිතුමතේට භාවිතා කිරිමය. දේශපාලන නායකයන් පත්වන්නේ අවුරුදු 5 කටය. බොහෝ රාජ්‍ය සේවකයන් දිගටම රැදී සිටිමින් අවසානයේ විශ්‍රාම යන්නේද රට විනාශ කර බව අමුතුවෙන් මතක් කර දීමට දෙයක් නැත.   තමාගේ නම තමාම යෝජනා කිරීමට තරම් ලැජ්ජාවක් නැති රාජ්‍ය නිලධාරීන් මේ වන තෙක්ම රාජ්‍ය සේවයේ කොපමන දූෂිත ක්‍රියාවන් සිදුකළේද යන්න වෙනමම සෙවිය යුතුය.

Exit mobile version