පොලිස්‌ ලොක්කන් යළි විරෝධතාකරුවන් සොයා…

කොළඹ ආරක්ෂාව තවදුරටත් තර කර විරෝධතාකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට ඉහළින් අණක්.

බස්නාහිර පළාතේ සියලු පොලිස් ප්‍රධානීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් කොළඹ අවට ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානියෙක් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වන බව ලංකා සර සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ මේ වන විට ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අත්පත් කරගෙන සිටින විරෝධතාකරුවන්ට ද දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතු බවටයි.

ලංකා සර වාර්තා කර ඇත්තේ ආරක්ෂක ලේකම් පොලිස් ඇමති සහ බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානියෙක් කටුනායක ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිමින් මෙම මෙහෙයවීම් කටයුතු සිදු කරන බවට අභ්‍යන්තර පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇති බවයි.

Exit mobile version