පොලිස් විශේෂ විමර්ශණ ඒකකයත් කුඩ්ඩන්ට කඩේ ගිහින් ?. ජනතාවට කවර කතාද?.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු “පිස්තෝලයක් පෙන්වා කප්පම් ගත්තත් ඔහුගේ වැඩ තහනම් කර නොමැති” බවට පුවතක් අප පසුගියදා වාර්තා කරන ලදි.

අප එම පුවත ලබා ගන්නා අවස්ථාව වන විටත් ඔහු සක්‍රීය සේවයේ යෙදී සිටි නමුත්, අප පුවත පළ කරන අවස්ථාව වන විට ඔහු වැඩ තහනමකට ලක් කර තිබු බවට පොලිස් මූලස්ථානය මගින් අප වෙත දැනුම් දෙන ලදි.

එම නිලධාරියා හා බැදුණු තවත් කතාවක කොටසක් ද අපට වාර්තා වන්නේ පොලිස් කොමිෂන් සභා කාර්යාලයෙන් ය.

ඒ එම නිලධාරියා කර තිබු පැමිණිල්ලක් විභාගයේදී ඔහුට පක්ෂපාති ලෙස පැමිණිල්ල විභාග කල බවට පොලිස් නිලධාරීන් විසින් පොලිස් කොමිෂම වෙත කර තිබෙන පැමිණිල්ලකි.

ඒ අනුව පනාපිටිය නිලධාරියාට විරුද්ධව සාක්ෂි දුන් සහ පැමිණිලි ඉදිරිපත් කළ පොලිස් නිලධාරින් මාරු කර යැවීමටද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

එහීදී පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූ ආකාරයට එරෙහිව ශ්‍රී ලංකා ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබෙන්නේ “SIU/31/2022 දරණ මූලික විමර්ශණය අපක්ෂපාතීව නොපැවැත්වීම” ලෙසිනි.

එම පැමිණිල්ලට අනුව එම මූලික විමර්ශණය පවත්වා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස් වික්‍රමසිංහ සහ සහකාර ආර්.සී. ඩැනියෙල් විසිනි. අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යූ.එල්.අමරසිරි නැමැති නිලධාරියෙකි. 2023/10/04 වන දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම පොලිස් පොඩ්ඩා දානපතියෙක් වන අතර ඔහු දානපතියෙක් වීමට පෙර ඔහු කුඩු බොන බවට ඇසින් දුටු සාක්ෂි සහ ඔහු සතුව තිබූ බවට සැක කෙරෙන තහනම් මත්ද්‍රව්‍ය යැයි බවට සැක කරන යම් අමුද්‍රව්‍ය තොගයක්ද සමග කොස්ගොඩ පොලීස් ස්ථානයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සිද්ධි මාලාවත් සමග ඔහුට එරෙහිව අධිකරණ වලද නඩු තිබෙන බැවින් අප ඒ පිළිබඳව සටහන් නොකරන්නෙමු.

කුඩ්ඩෙක් ,පාතාල නායකයෙකු හෝ ඕනෑම පුරවැසියෙකුට නිදහස් නිවහල් ලෙස නඩු තීන්දුවක් ලබා ගැනීමට අයිතිය තිබිය යුතුය. එය එසේ විය යුතුමය.

නමුත් රාජ්‍ය නිලධාරින් ලෙස පොලිස් නිලධාරින් තම යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළ යුතුය.

එය එසේ ඉටු නොවන විට එහි පීඩාව ලැබෙන්නේ මහජනතාවටය. ඒ නිවැරදි පොලිස් නිලධාරියෙකුට හෝ කණ්ඩායමකට තම රාජකාරිය සිදු කිරීමේදී වරදක් නොමැතිව චෝදනා එල්ල වුවහොත් ඒවාට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීමට උසස් පොලිස් නිලධාරින් කටයුතු නොකරනා විට, එම නිලධාරීන්ගේ මානසික පිඩාව මහජනතාවගේ කරමතින් යයි. එවිට ඔවුන්ට දැඩි පීඩාවක් එල්ල වන අතර මහජනතාව සමග නිරන්තරයෙන් සමීප සබඳකම් පවත්වන පොලිස් නිලධාරින්, එම පීඩාව පිට කරනුයේ සාමාන්‍ය ජනතාවට එරෙහිවය.

එබැවින් යම් පොලිස් නිලධාරියෙකුට හෝ පොලිස් නිලධාරි කණ්ඩායමකට එරෙහිව යම් පරීක්ෂණයක් සිදු කරන විට එය ඉතාම පරිස්සමින් සිදු කළ යුත්තේ උසස් නිලධාරින් සිදු කරනා පරීක්ෂණ නිසි ලෙස සිදු නොකළහොත් අනිවාර්යයෙන්ම එහි පීඩාව ලැබෙන්නේ මහජනතාවට බැවිනි.

එම පැමිණිල්ල තුල සදහන් වන්නේ අප ඉහතින් සදහන් කළ පිස්තෝලය පෙන්වා මුදල් මංකොල්ල කෑ පොලිස් නිලධාරියා බවට කියවෙන පොලිස් කොස්තාපල් පනාපිටිය යන අය කොස්ගොඩ පොලිස් ස්ථානය තුල සේවය කරන විට මත්ද්‍රව්‍ය පානය කරන, ඒවාට භාවිතා කරනා අමුද්‍රව්‍ය ඇතුලු මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන භාණ්ඩ කිහිපයක් සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අදාළ විමර්ශණ කරගෙන යමින් සිටියදී, ඔහු අත්අඩංගුවෙන් පළා ගොස් තිබෙන බවත් ඔහුගේ පළායාමෙන් පසු ඔහුගේ රාජකාරී අත්හිටුවා තිබෙන බවත්ය.

පසුව සිදු වූ සිද්ධීන් මත ඔහු අධිකරණයට පැමිණ භාර වී තිබෙන අතර පනාපිටිය නැමැති පොලිස් නිලධාරියා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය තුල නඩුවක්ද පවරා තිබෙන බවත් ආදී කරුණු ගණනාවක් එහි සදහන්ව තිබේ.

එම සිද්ධීන් වලින් පසුව මෙම පනාපිටිය නැමැති පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට සිදු කරන ලද පැමිණිල්ල විභාග කිරීමේදී, පනාපිටියගේ වැරදිවලට විරුද්ධව විමර්ශණ කළ නිලධාරින්ට පීඩනයක් ඇතිවන ආකාරයෙන්, පනාපිටිය පොලිස් නිලධාරියාට පක්ෂපාතීත්වය ගෙන පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ පරීක්ෂණ කළ බවට ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත්කල මෙම පැමිණිල්ලේ සදහන් වේ.
ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව තුල තිබෙන ලිපි ගොනුවට අපට එක් දෙයක් පැහැදිලිය.

පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ මෙම විමර්ශණය සිදු කළ නිලධාරින් කුඩු මුදලාලිලා සමග සබදකම් තිබේද? යන්න සාධාරණ සැකයක් අපට මතුවේ. ඒ එහි සදහන් ලේඛණ වලිනි. එම ලේඛණ වලින් පෙනී යන්නේ මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර නොමැති බවයි.

ඒ කෙසේ නමුත් පොලිස් විශේෂ විමර්ශණයේ අදාල විමර්ශණය සිදු කළ නිලධාරින්ට පෙනෙන්නට එක දෙයක් තිබේ. ඒ වරදක් කළා යැයි සැලකෙන නිලධාරියාට එරෙහිව ඔවුන් අපක්ෂපාතී පරීක්ෂණයක් නොකළ බවත් එම පැමිණිල්ල සිදු කළ නිලධාරියාට එරෙහිව ගිනි අවියක් සහිතව කප්පම් ගත් බවට නඩුවක්ද අධිකරණය තුල විභාග වෙමින් තිබෙන බවයි. එබැවින් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ විමර්ශණ නිලධාරින් අවධානය යොමු කළ යුත්තේ වර්තමානය දෙස් නොවේ. අනාගතය දෙසයි.
එසේම පොලිස් දෙපාර්තමේන්තුව මහජන ආයතනයක් බැවින් මහජනතාවට සේවය කරන නිලධාරින් තම කටයුතු නිසි ලෙස සිදු කිරීමට නම් ඔවුන්ගේ මානසික මට්ටම හොදින් තිබිය යුතු බවත් මනාව අධ්‍යනය කරමින් විමර්ශණ සිදු කිරීමටද පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ අවධානය යොමු විය යුතු බවත් අප අවධාරණය කරන්නෙමු.

එසේ නොමැති වූ විට දිගින් දිගටම සිදුවන්නේ මහජන අප්‍රසාදය දිනූ පොලීසියක් අපට උරුම වීමයි. එය නැවැත්විය හැක්කේද සියලු කටයුතු සාධාරණ ලෙස පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කළහොත්ම පමණි. ඒ වෙනුවෙන් උසස් නිලධාරිනගෙන් පහල නිලධාරින්ටද, නිලධාරින්ගෙන් මහජනතාවටද සාධාරණ සේවයක් ලබිය් යුතුය. සියලුම විනාශයන්ට හේතුව එසේ නොමැති වීමයි.

Exit mobile version