අප මීට දින දෙකකට පෙර විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂකවරියක් විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන පැමිණිල්ලක් සමාජ මාධ්‍යවල සංසරණය වීම වාර්තාකරණ ලදී. මේ වන විට එම තොරතුරු පිටතට ලබා දුන් ළමා හා කාන්තා කාර්යංශයයේ නිලධාරිනියන් “ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ” හැසිරෙමින් සිටින බව වාර්තා වෙයි .
පැමිණිලි පිටපත් බාහිර සමාජයට මුදා හැරියේ කවුදැයි සෙවීමට චෝදනාවට ලක්වන නිලධාරිනියන් දෙදෙනකු විසින් පොලිස් නිලධාරිනියන් පීඩනයට ලක් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවද වාර්තා වෙයි. පිටපතක ඡායාරූපයේ ඇඟිල්ලක කොටසක් තිබී ඇති බවට දර්ශනය වී ඇති හෙයින් එම චෝදනාවට ලක්වන නිලධාරිනියන් දෙදෙනා සියලුම පොලිස් නිලධාරිනියන්ගේ ඇඟිලි පරීක්ෂාවක් සිදු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද කියා වේ.
රාජකාරිය අතරතුර කාමරවල අගුලු දමාගෙන කුමන්ත්‍රණ සිදු කරමින් සිටින චෝදනාවට ලක්ව උසස් නිලධාරිනියන් තමන්ට එල්ල වී ඇති චෝදනා වලක්වා ගැනීමට උසස් නිලධාරීන්ගේ පසුපස යන බවද ආරංචි මාර්ග පවසයි. රාවණා පුවතින් අනාවරණය වූ කරුණු සියල්ලම උසස් නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇති අතර මේ වනවිට විමර්ශන අංශ කිහිපයක් තමන්ගේ මට්ටමින් විමර්ශන පටන් අරගෙන ඇති බව ද පොලිස් මූලස්ථානයෙන් වාර්තා වේ. අප ඒ පිලිබදව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින වටිනා නිලධාරීන් වෙත ස්තුතිය පළකරන්නෙමු.
එහෙත් සෝචනීය සිදුවීම වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් පරීක්ෂකවරිය ට එරෙහිව කුරුඳුවත්ත පොලිසියට සිදුකළ පැමිණිල්ලට අදාළව ඇය යටතේ සේවය කළ නිලධාරීන් තිදෙනකු කටඋත්තර ලබාදී තිබියදීත් අධිකරණය එම කටඋත්තර සියලුම දේ වාර්තා කර දී තිබියදීත් පරීක්ෂණය වෙනතකට හැරවීමට නැවතත් ඔවුන්ගෙන් කටඋත්තර ලබාගැනීම උසස් නිලධාරීන්ගේ කටයුතු කරමින් සිටීමයි. මෙම නිලධාරිනියන් මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය හැර යාමේ අවදානමකට පත්වී සිටින්නේ ඔවුන්ට එල්ල වන පීඩනයක් දරා ගැනීමට නොහැකි නිසාවෙන් බව ද කියැවෙයි.
අපට ලැබෙන තොරතුරු වලට සාක්ෂි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු වූ විට සියලුම දේවල් ප්‍රසිද්ධ කරනුයේ අපට නඩු පැවරීමක් සිදුවුවහොත් එයට මුහුණ දීමටය. අප ඒ ආකාරයෙන් පොලිස්පති වික්‍රමරත්න මහතාට එරෙහිවද ලිය තිබේ. ඒ ආකාරයෙන්ම ඔහුගේ යුක්තිය වෙනුවෙන්ද ලියා තිබේ. දූෂිත රටක දූෂිත රාජ්‍ය නිලධාරි පද්ධතියක් සුද්ධ පවිත්‍ර කිරීමට කුමන පොලිස්පතිවරයෙක් පැමිණියත් නොහැකි වනු ඇත. වරද පොලිස්පතිගේ නොවේ. රජයෙන් වැටුප් ලබා ගන්නා නිලධාරින්ගේය. එබැවින් නිසි ලෙස රාජකාරිය නොකරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මේවාට හේතුවයි. ස්වාධීන පොලිස් සේවයක් ස්ථාපනය කිරීම දැන්වත් කල යුතුව තිබේ.
ඉහත සිද්ධියට අදාළ මුල් පුවත