පොලිසියට ඇස් ඇරෙන්න මහජන උද්ඝෝෂණම ඕනිද?
ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවලදී පොලිස් ස්ථානාධිපතිවරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇස් ඇරෙන්නේ මහජන කැළඹීම් සිදුවන විට පමණි.
එයට ආසන්නම උදාහරණය වන්නේ, වෛද්‍යවරයාගේ පැමිණිල්ල පසෙක දමා ඔහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බංධනාගාරයට යැවු පොලිසිය සමස්ථ වෛද්‍ය සංගමයම ඇවිස්සීමයි. වෛද්‍ය සංගම් විරෝධය පෑවේ වෛද්‍යවරයාගේ පැමිණිල්ලට ගත යුතු ක්‍රියාමාර්ගය නොගත් නිසාය. පොලිසිය තම කොටස නිවැරදිව කර තිබියදී වෙද සංගම් විටරා්දී වුයේ නම් අප ලියන්නේ ඔවුන්ට විරුද්ධවය. මෙහිදී පොලිසිය වෙනුවෙන් ලියන්න කිසිදු වචනයක් ඉතිරිකර නැත.
මහජන කැළඹීම් සිදුවන විට බොහෝ සාක්ෂි විනාශව තිබේ. ඉන් සිදුවන්නේ සත්‍ය සැගවී යාමයි. එයින් වරදකරු නිවැරදිවම හඳුනාගැනීමට තිබෙන අවස්ථා විනාශ වී, නිවැරදි මිනිසුන් අත්අඩංගුවට ගනී. එය බොහෝ පොලිස් නිලධාරීන් විසින් හිතා මතාම සිදුකරන අතර මහජන කැළඹීම් සිදුවන විට ද ඔවුන් කරන්නේ එකිනෙකාගේ කේලාම් මත ඉවක් බවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමයි.
ශ්‍රී ලංකා පොලිසිය කරාපිටිය රෝහලේ සිද්ධියට දැඩි කැළඹීමක් ඇති කලේය. කල යුතුව තිබුණේ විශේෂ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා කරන ලද පැමිණිල්ල විභාගයට ගැනීමයි. එය එසේ වුයේ නම් කරාපිටියේ සිද්ධිය අර්බුදයක් බවට පත් වන්නේ නැත.
පොලිසිය මේ ආකාරයෙන් සෑම අවස්ථාවකම පාහේ කටයුතු කරනුයේ ආරවුල් දිග් ගස්සා තව තවත් අර්බුද වැඩි කිරීමය.
පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් මෙන්ම පොලිසියට ආදරය කරන බොහෝ නිලධාරීන් කල යුත්තේ මෙම තත්වයන් ඇති වීම වැලක්වීම සඳහා අවශ්‍ය දැනුම පොලිස් නිලධාරීන්ට ලබා දීමට වරින් වර පුහුණුවීම් ලබා දීමයි.
එසේ නොමැති වීම යනු, අප මීට පෙරද ලියා ඇති පරිදි අනාගතය පොලිස් නිලධාරීන්ට සිවිල් ඇදුමෙන්වත් පාරේ යාමට නොහැකි වනු ඇති අතර නිංජා ප්‍රහාර පවා එල්ල වනු ඇත. ඉදිරි තත්වය එසේ වීමට ඉඩ නොතැබිය යුත්තේය එබැවින් සියළු බුද්ධිමත් නිලධාරීන් කල යුත්තේ මෙම සියල්ල සමබරව ගෙන සමාජ විද්‍යානුකූල පරීක්ෂණ තුලින් සහ එම න්‍යායන්ට අනුව යහපත් පොලිසියක් නිර්මාණය කිරීමේ බාරදුර සහ දීර්ඝකාලීන ක්‍රියාවලියකට අත ගැසීමයි.