පොලිසියට බල්ලෝ ගියාද?. බල්ලෝ පොලිසියට ගියාද?.

කූට ලේඛන සැකසීමක් පිලිබදව 2018. 09. 03 වන දින නුගේගොඩ,  මිරිහාන වංචා විමර්ශන අංශයට සිදු කරන ලද, SCIB/3. 296/14 අංක දරන පොලිස් පැමිණිල්ලට මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව රාවණා ගවේෂකයෙකුට දැනගන්නට තිබේ. මේ පිලිබදව සියලු තොරතුරු අප සතුව තිබෙන අතර, බොහෝ පොලිස් ස්ථාන වල මෙවැනි අකාරයෙන් විභාග නොකරන ලද පොලිස් පැමිණිලි තිබෙන බව දැනගන්නට තිබේ. තමන්ට හිතවත් ඇයට හෝ , යහමින් මුදල් හදල තිබෙන පුද්ගලයන්ට හෝ යම් බලයක්  තිබෙන පුද්ගලයන්ට විරිද්දව ඉදිරිපත් කර ඇති අසරණ මිනිස්සුන්ගේ පැමිණිලි මෙසේ යට ගසන බව තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි. පොලිසි කිහිපයක මෙසේ යට ගසා ඇති පැමිණිලි 12 ක පමණ තොරතුරු අප සතුව පවතී. අපගේ නීතිඥවරු මේ සදහා නිසි උපදෙස් ලබා දී , අවශ්‍ය නීති කටයුතු වලට ඔවුන්ව යොමු කර ඇත.

විශේෂ සටහන – පොලිසිය මේ අයුරින් යම් පැමිණිල්ලක් වෙනුවෙන් යම් පක්ෂ පාතී කමක් හෝ, යම් කරුණු සැගවීමක් සිදු කල හොත් , අපරාධයක් වෙනුවෙන් යම් අකටයුත්තක් සිදු කල හොත්, ඔබගේ අධිකරණ ප්‍රදේශය තුල ඇති  මහේස්ත්‍රාත් අමතා, ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කල හැකිය. එසේම අග්‍රවිනිශ්චයකරවරයා, උසස් පොලිස් නිලධාරීන්ද අමතා ලිපි මගින් හෝ හමු වී පැමිණිලි කල හැකිය. එසේම ඔබට අවශ්‍ය දේ සිදු නොවුනහොත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙතද පැමිණිලි කර අබට සිදු උණු අසාධාරණයට යුක්තිය ඉටු කර ගත හැකිය.

Exit mobile version